The Leader News
BREAKING
Top Ad
Gossip

පාලිතට මධ්‍යම - සබරගමුවට නවින් !

T

The Leader Desk

May 23, 2023 • 9:52 AM

පාලිතට මධ්‍යම - සබරගමුවට නවින් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් ආණ්ඩුකාරවරු දෙන්නෙක් අලුතින් පත්කරන්න යනවා කියල ආණ්ඩුව පැත්තෙන් ආරංචි ලැබෙනවා.
  •  ආණ්ඩුකාර පත්වීම් පිළිබඳව අවධානයෙන් සිටි බොහෝ දෙනකු තුළ ඇතිවූයේ කුකුසක්.
  • කොබ්බෑකඩුව ආණ්ඩුකාරතුමා තම දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහ පුත්‍රයාගේ විවාහ ගිවිස ගැනීමට සහභාගි වීමේ අරමුණෙන් මෙලෙස නිවාඩු ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිහින්.
  • ඔහු නැවත ලංකාවට පැමිණීමට නියමිතව තියන්නේ ජූනි මස 4 වැනිදා ලු.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ ආරංචිවල හැටියට මධ්‍යම ආණ්ඩුකාර ධුරය එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරට දෙන්න ලු යන්නේ.

සබරගමු ආණ්ඩුකාර ධුරය එජාපයේ තවත් ප්‍රබලයකු වන නවින් දිසානායකට දෙන්න යනවලු.

ජපානෙට ගිහින් ඉන්න රටේ ලොකු මහත්තය ලංකාවට ආවට පස්සේ ලු වැඩේ සිද්ධ වෙන්න යන්නේ.

පහුගිය දවස්වල දේශපාලන කරළියේ ප්‍රධානතම මාතෘකාව වුනේ කලක් තිස්සේ දික් ඇදෙමින් පැවැති ආණ්ඩුකාරවරුන්ගේ පත්වීම් ගැන.

 

අප දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළ විදියට රටේ ලොකු මහත්තය බලාපොරොත්තුවෙන් හිටියේ,  ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු අලුතින් පත් කරන්න.

 

ඒත් අවසානයේදී පත්වූයේ ආණ්ඩුකාරවරුන් තිදෙනකු පමණයි.

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති - නවින් පසුවට

ඒ අනුව පිළිවෙළින් උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු පත් වුනා.

බස්නාහිර ආණ්ඩුකාර තුමා ඉවත් කරන්න එපා කියල රටේ හිටපු ලොකු මහත්තය ඉල්ලීමක් කරලා. ලොකු මහත්තය එකට එකඟවෙලා.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාද අලුතින් පත් කිරීමට නියමිතව සිටියත් , එය සිදු නොවූයේ ඇයි?  ආණ්ඩුකාර පත්වීම් පිළිබඳව අවධානයෙන් සිටි බොහෝ දෙනකු තුළ ඇතිවූයේ කුකුසක්.

එහෙත් අප තහවුරු කරගත් පරිදි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මසක නිවාඩු ලබා විදෙස්ගතව සිටීම එම පත්වීම කල්යාමට හේතුව.

කොබ්බෑකඩුව ආණ්ඩුකාරතුමා තම දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහ පුත්‍රයාගේ විවාහ ගිවිස ගැනීමට සහභාගි වීමේ අරමුණෙන් මෙලෙස නිවාඩු ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිහින්.

ඔහු නැවත ලංකාවට පැමිණීමට නියමිතව තියන්නේ ජූනි මස 4 වැනිදා ලු.

 

ඒ කියන්නේ නවීන්ට වැඩබාර ගන්න තව ටික දොහක් බලාගෙන ඉන්න වෙනවා කියන එක.


----

ආණ්ඩුකාරවරු ගැන පොහොට්ටුවේ ස්ථාවරය මෙන්න

පසුගියදා කතාබහට ලක්වුණ ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සහ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධව තිරය පිටුපස කතා ගොඩක් තිබෙනවා.

රටේ ලොකු මහත්තය මේ අය පට්ටම්වලින් ඉවත් කරන්න කළින් සුහදව දන්වා හිටියා ඉල්ලා අස්වෙන්න කියල...

එහෙම කියල එක්තරා ආණ්ඩුකාරවරයකුට ඉහළින් කිව්වලු ඔයා ඔය තනතුරින් ඉල්ලා අස්වෙන්න ඊටපස්සෙ අපි ඔයාව අහවල් කොමිසමේ ප්‍රධානිය හැටියට පත් කරනව කියලා.

එහෙම කිව්වට පස්සෙ ඒ ආණ්ඩුකාර තැන ඉල්ලා අස්වීමට කැමැත්ත ප්‍රකාශ කළාලු.

කොහොම නමුත් ඊටපස්සෙ මෙහෙම ඉල්ලා අස්වෙන්න අකමැති ආණ්ඩුකාරවරු දෙන්නෙක් මෙයාට උපදෙසක් දුන්නලු අස්වෙන්න එපා අපි මේකට සටනක් දෙමු කියලා.

අනේ ඉතින් අර මුලින් අස්වෙන්න හිටපු මනුස්සයත් මේ සටන් කතාව පිළිඅරන් අස් නොවී ඉන්න ට්‍රයි කළා.

 

ඊටපස්සෙ එකපාරටම රටේ ලොකු මහත්තය තමන්ගෙ බලතල යොදල මේ සටනට බහිනවය කියපු ආණ්ඩුකාරවරු වහාම තනතුරුවලින් දොට්ට දැම්මා.

 

අනේ ඉතින් ඒ විදියට අර මුලින් කිව්ව ආණ්ඩුකාරයත් රස්සාවෙන් අස් කරල ලියුම ඇරිය.

ඒ සමඟ එයාගෙ ටිකට් කැපිලම ගිහිල්ලා එයාට දෙන්න හිටපු කොමිසමේ මහ පුටුවත් නොලැබෙන තැනට වැඩේ සැට් වුණා...

දැන් උන්නැහේ යාපා පටුන පැත්තෙ ඉඳන් හූල්ලනවය කියලයි ආරංචි.


----


ඒ කතා මොනවා වුනත්, ජනාධිපති නිව්ස් ප්ලාන්ටර් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංග ගේ පහුගිය සති අන්තේ  ''ජනපති e කොළමෙත්'' ඔය ආණ්ඩුකාර හුටපටේ ගැන ලියල තිබුන.

'ජනපති e කොළමේ තියන විදියට පහුගිය සතියේ දවසක ජනාධිපති වික්‍රමසිංහයි , UNP  ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙකුයි අතරේ තිබුන සාකච්ජාවකදී ඔය කාරනේ ගැනත් සාකච්ජා වෙලා.

අශෝක ජයතුංග ඒක වාර්තාකර තියෙන්නේ  මෙහෙම..

 "ආණ්ඩුකාරල පත් කරපු අය බැසිල්ගෙ නේ කියලයි හැමෝම කියන්නෙ."රනිල් නොහිතන දුස්රාවක් එල්ල විය.

 

"නෑ. බැසිල් මට කතාකලා. මම කැමති අය පත්කරන්න කිව්වා. එහෙන් දෙකයි මෙහෙන් එකයි"ජනපති කීය.

 

 "ආණ්ඩුකාරල පත් කරල ඉවරද"

 "ඒක දැන් වැඩක් නෑනේ" ජනපති ඉවත බලා ගත්තේය.

"සෙන්දිල් නැගෙනහිර බෞද්ධ උරුම රකින්නත් ප්‍රතිඥා දුන්නා. ඉන්දියාවත් ඒ පත්වීම ගැන සතුටුයි"  

එම පත්වීම ඉන්දියාව සතුටු කිරීමට කල එකක් බව  කටින් පැන්නාද හිතාමතා ලීක්කලාදැයි දන්නේ "කපටි නරියාම" පමණි.

අශෝක ජයතුංග සටහන අවසන් කරලා තියන්නේ එහෙම.






 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...