The Leader News
BREAKING
Top Ad
Gossip

තව ඩිංගෙන් රටම කළඹන මරණ දෙකක්...!

T

The Leader Desk

July 11, 2023 • 3:50 PM

තව ඩිංගෙන් රටම කළඹන මරණ දෙකක්...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කතාව නම් කෙලින්ම දේශපාලනයට වඩා සම්බන්ධ වෙන්නෙ කලාවට. ඒත් ඉතිං මේ කලාකාරයෝ,
  •  කාන්තාවො නං දනි පනි ගාලා අඳුර වැටෙන කොට ගෙදර ගිහින්.
  •  ඒ වෙලාවේ නිලන්ත එතන නොහිටියා නම් ඇත්තටම වෙන්නේ රටම  ගරු කරන රටක් වටින කලාකරුවන් දෙන්නෙකුත් එක්ක, තව තුන්දෙනෙක් රඹෑව වැවේ පතුල සිප ගන්න එක.
  • විජය කුමාරතුංග  ගයන "ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ..." අමරදේව ඇතුළු කලාකරුවන් හත්අට දෙනෙක් ගේ හඩින් ඔහු ගයන අපූරුව ඔබ යූ ටියුබ්වල දැකලත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලන වේදිකාවේත් තීරණාත්මක තැන්වල දකින්න ලැබෙන නිසා, දේශපාලනයට අදාළ නැත්තෙම නෑ...

මේ සිද්ධිය වෙලා දැන් ටික දවසක්. සතියකට වැඩියි. හැබැයි තාම ඒ ගැන හාන්කවසියක් කවුරුවත් දන්නෙ නම් නෑ...

පහුගිය සති අන්තෙට කලින් අනුරාධපුර දොරමඩලාව කියන ගමේ තිබුන, කාබනික කෘෂිකර්මය ට ජනතාව හුරු කරවීම පිළිබඳ වැඩසටහනක්.

දොරමඩලාව කියන්නේ පණ්ඩුකාභය කුමාරයාගේ ගම. ඕක සංවිධානය කළේ ගම්පහ සිංහ සමාජයේ මැදිහත්වීමෙන්. මේගොල්ලෝ මේකට සම්පත් දායකයෝ විදියට, කොළඹින් අරගෙන ගියා, ලංකාවේ ඉතාම හොඳ කලාකරුවන් හා සාහිත්‍යවේදීන් පිරිසක්.

ඒ අතර හිටපු එක්කෙනෙක් තමයි, දකුණු පළාතෙන් බිහි වුණු, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය කවියා. අග්‍රගණ්‍ය ගීත රචකයා කිව්වට වරදකුත් නෑ. ඒ වගේම උන්නැහේ පැය ගානක් එක දිගට ජනතාව ඇද බැඳ තබා ගන්න පුළුවන් විදියේ  දක්ෂ  කතිකයා.

අනිත් එක්කෙනා මැන්ඩලීනයෙන්, ගිටාරයෙන්, ජනතාවට කතා කරන අග්‍රගණ්‍ය වාදකයෙක්. තවත්  ඉතින් සාහිත්‍යවේදියෝ කීප දෙනෙකුත් හිටියා. ඔක්කොම පස් දෙනයි.

දොරමඩලාවේ ජනතාවත් එක්ක කරපු, රසවත් වැඩසටහන ඉවර වෙලා, තව ටිකක් සංවේදීව රසවත් වෙන්න හැන්දෑවෙ අපූරු තැනකට ගිහින්.  ඒ තමයි රඹෑව  වැවේ නාන මංකඩ. ගොම්මන් අඳුර වැටෙන වෙලාව. වැවේ වැව් තාවුල්ල ට ඉස්මත්තෙන් රාස්සිගේ අව්වෙන් අහස් තලේ රතුපාට කරමින් ඉර බැහැලා , වැව් තාවුල්ල පැත්ත මේ ඉන්න සුලවතුන්ට කොච්චර ලස්සනට පෙනෙන්න ඇද්ද. ඒ මදිවට කාන්තාවො තුන් හතර දෙනෙක් නාන මංකඩේ කඩිනමින් නාගන්නවා.

රාස්සිගේ අව්ව ඇඟේ වැදි වැදි කාන්තාවෝ වැවක නානකොට, මැවෙන දර්ශනය මොන තරම් ශෘංගාරාත්මක ද කියලා , කාටවත් වචනෙන් කියන්න ඕන නැහැනේ.

හැන්දෑවේ ගතේ හිතේ මාන්සියට මධුපැන් වඩියකින් සප්පායම් උන, අපේ හිතවත්තු ටිකත්, කාන්තාවෝ නනා හිටිය නාන මංකඩෙන්ම වැවට බැහැල.  කාන්තාවො නං දනි පනි ගාලා අඳුර වැටෙන කොට ගෙදර ගිහින්.  

ඒත් ඉතින් ඒ වතුර ටික ඇඟට වැදෙනකොට, සිසිල් මදනල ගත දැවටෙනකොට, බලා වැල්වලින් (කොක් රෑන්) අහසේ මලිගිය මල්මාල සිතුවම් අඳින විට ඒ චමත්කාරයෙන් මංමත්වුන අපේ කලාකරුවන්ට වෙලාව යනවා දැනිල නෑ...  

මෙන්න මොහොතකින් කාගෙදෝ කෑගැහිල්ලක්. වතුරේ අසාමාන්‍ය දැඟලිල්ලක්. චක බක ගාලා ඇහුණු සද්දෙටයි කෑගැහිල්ල ටයි දුවලා ඇවිත් වතුරට පැන්නෙ ඕගන් ගහන නිලන්ත. වාදනයට විතරක් නෙවෙයි, නිලන්ත පීනන්නත් දක්ෂයා. එතන පඩිපෙලෙන් බැහැල යනකොට වැව එන්න එන්න ගැඹුරුයි. නොදන්න කෙනෙකුට හොයාගන්න බෑ ගැඹුර.

වතුරේ ගිලිලා දඟලපු අපේ හිතවත් කලාකරුවන්ව, නිලන්ත එක එක්කෙනා ගොඩට තල්ලු කරලා.  විනාඩි කීපයකින් පස් දෙනෙක් ගේ ජීවිත බේරලා ගොඩට ගන්න නිලන්ත සමත් වෙලා.  ඒ වෙලාවේ නිලන්ත එතන නොහිටියා නම් ඇත්තටම වෙන්නේ රටම  ගරු කරන රටක් වටින කලාකරුවන් දෙන්නෙකුත් එක්ක, තව තුන්දෙනෙක් රඹෑව වැවේ පතුල සිප ගන්න එක. ඒක හින්ද ගොඩට ආපු කවුරුත් නිලන්තට මුව නොසෑහෙන සේ ස්තුති කරලා.  කොහොම වුණත් ඒ සාජ්ජය නම් එතනින් ඉවරයි.

නිලන්ත ගැනත් ටිකක් කියන එකයි වටින්නේ. නිලන්ත කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ඕගන් වාදකයෙක්. විජය කුමාරතුංග  ගයන "ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ..." අමරදේව ඇතුළු කලාකරුවන් හත්අට දෙනෙක් ගේ හඩින් ඔහු ගයන අපූරුව ඔබ යූ ටියුබ්වල දැකලත් ඇති. අන්න ඒ කලු හැන්ඩි කොල්ලා තමයි නිලන්ත.

ඔන්න ඉතින් නිලන්ත ටත් ස්තූතියි ඒ කරපු වැඩේට.

 

 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...