පාර්ලිමේන්තුවෙත් ඉන්නවනෙ මන්ත්‍රීවරියන් දහතුන් දෙනෙක්.
කොයි වෙලාවෙත් වලියට බර ඩයනාලා , ගීතා කුමාරසිංහ ල, පවිත්‍රාලා , සුදර්ශනීලා එතනින් ගියාම හැම දෙනාටම වඩා හැමදාම විකල්පම මත දරන හරිනි අමරසූරියලා, මේ ඔක්කොම හිටි හැටියේ ඇති කරගෙන තියෙන අලුත් සමගිය ගැන කවුරුත් හොයන්න පටන් අරන්..
බැලින්නම් මේ ඔක්කොම එකතුවෙලා විදේශ සංචාරයක් යන්න. හැබැයි ඉතින් කිසිම දෙයක් සමගියෙන් ඉවසිල්ලෙන් කරගන්න බැරි මේ කට්ටිය , මේ ගමනට දක්වන සමගිය මොකක්ද කියලා හැමෝම හොයන්න පටන් ගත්තලු.
පාර්ලිමේන්තුවේ තියෙනවනේ කාන්තා මන්ත්‍රී සංසදය කියලා එකක්. ඔන්න ඕක හින්ද තමයි මේ සමගිය ඇති වෙලා තියෙන්නේ. ආන්ඩුවේ විපක්ෂයේ අතන මෙතන කොතන හිටියත්, මේගොල්ලෝ සමහර අවස්ථාවල ඒකට එකතු වෙලා කාන්තාවන්ගේ අයිතීන් හා වරප්‍රසාද ගැනත් කටයුතු කරලා තියෙනවා.
අන්න එහෙම සාමුහිකව කරපු වැඩක ප්‍රතිඵලයක් හැටියට, නවසීලන්ත රජයෙන් මේගොල්ලන්ට ඒ රටේ පාර්ලිමේන්තු ක්‍රමය හා කාන්තා දේශපාලනය ගැන හදාරන්න සුවිශේෂී සංචාරයක් හිමිවෙලා. ගීතා කුමාරසිංහ ඇමතිතුමිය තමයිලු මේකට මුල් වුණේ.
නවසීලන්තයත් පාර්ලිමේන්තු දේශපාලනයේ දී කාන්තාවන්ට මුල්තැනක් දුන් රටක්. අගමැති ධූරයෙන් පවා කාන්තාවන් පිදුම් ලැබුව රටක්. ඒ නිසා කාන්තා දේශපාලනය ගැන ඔවුන්ගේ උනන්දුවත් වැඩි ඇති.
මොනව උනත් ඒකෙන් නම් අපේ මන්ත්‍රීතුමියන්ට හොඳ වටිනාකමක් ලැබුණු බවයි පාර්ලිමේන්තුවේ අනෙක් සහෝදර මන්ත්‍රීවරු කිව්වේ. ඔන්න දැන් මේ මාසේ 24 වෙනිද ඉඳල ලබන මාසේ 4 වෙනිදා දක්වා මේ අපූරු සංචාරය අරඹන්න මන්ත්‍රී තුමියො ඇඳුම් එකතු කරනව කියලයි ආරංචිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පක්ෂ භේද නැතුව සමඟි වෙලා : මෙන්න හේතුව !
T
The Leader Desk
July 13, 2023 • 9:42 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ දවස්වල අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතවරියො ඔක්කොම ටික හෙන සමගි වෙලා.
- කොයි වෙලාවෙත් වලියට බර ඩයනාලා , ගීතා කුමාරසිංහ ල, පවිත්‍රාලා , සුදර්ශනීලා එතනින් ගියාම හැම දෙනාටම වඩා හැමදාම විකල්පම මත දරන හරිනි අමරසූරියලා, මේ ඔක්කොම හිටි හැටියේ ඇති කරගෙන තියෙන අලුත් සමගිය ගැන කවුරුත් හොයන්න පටන් අරන්..
- ඔන්න ඕක හින්ද තමයි මේ සමගිය ඇති වෙලා තියෙන්නේ.
- අන්න එහෙම සාමුහිකව කරපු වැඩක ප්‍රතිඵලයක් හැටියට, නවසීලන්ත රජයෙන් මේගොල්ලන්ට ඒ රටේ පාර්ලිමේන්තු ක්‍රමය හා කාන්තා දේශපාලනය ගැන හදාරන්න සුවිශේෂී සංචාරයක් හිමිවෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



