The Leader News
BREAKING
Top Ad
Gossip

ඇමති බන්දුල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බැනවැදිලා !

T

The Leader Desk

July 21, 2023 • 11:30 AM

ඇමති බන්දුල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බැනවැදිලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදේ එළිය වැටුණු වෙලේ ඉඳන් තමන් මී හරකෙක් වගේ වැඩ කරනවා කියලා, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පුවත්පත් සාකච්ඡාවකදී කියල.
  • කොහොම  නමුත්  බන්දුල කියන්නේ මීඩියා ඇමති.
  • ඇමතිතුමාට ප්‍රශ්නය වෙලා තියන්නේ එහෙම මී හරකෙක් වගේ වැඩ කරද්දී, ලොක්කාගෙන් වත් මාධ්‍යවලින් වත් හරි හමන් සපෝට් එකක් නැති එක ලු.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමතිතුමාට ප්‍රශ්නය වෙලා තියන්නේ එහෙම මී හරකෙක් වගේ වැඩ කරද්දී, ලොක්කාගෙන් වත් මාධ්‍යවලින් වත් හරි හමන් සපෝට් එකක් නැති එක ලු.

ඔය  අස්සේ ජනමාධ්‍ය ඇමතිකම මහින්දානන්ද දෙන්න යනවා කියන රාවය නිසා ඇමති බන්ධුල හොඳටම පැනික් වෙලා ලු.

'' ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු මහින්දානන්ද අලුත්ගමගේට භාරදෙන්න කියලා, ජනාධිපතිවරයා වෙත යෝජනාවක්'' කියල FM  චැනල් එකක ගොසිප් වැඩසටහනක මෙන්න මෙහෙම පොඩි සෙග්මන්ට්  එකක් තිබුනා.

ඔය කතාව අහපු ගමන් බන්ධුලට මල පැනලා. ඒ මාධ්‍ය ආයතනේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තුමාට call එකක්  අරන්, හොඳටම දෙහි කපලා. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්නවා කියලා තගකුත් දාලා.

පහත් තැනින් යයි ගලා ජලේ කියන්නේ ඕකට තමයි. කොහොම  නමුත්  බන්දුල කියන්නේ මීඩියා ඇමති. මීඩියා ඇමති උත්සාහ කරන්න ඕන මාධ්‍ය එක්ක හොඳ සම්බන්ධයක් තියාගන්න. ඒ නිසා පොඩි පොඩි ගොසිප් අල්ලාගෙන ඔහොම එල්ලෙන්න යන එක නම් නුවනට හොඳ මදි වගේ.

බන්දුලගේ වගේම කෙහෙළියගේ වැඩ දැක්කාම අපිට මතක් වෙන්නේ හිතපු කතානායකවරයෙක් වුනු වී.ජ.මූ ලොක්කා කියපු කතාවක්. " අපේ දේශපාලනඥයන්ට බලය තියනකොට මොලය නෑ, මොලය තියෙන කොට බලය නෑ. බන්දුලට කෙහෙලියට නෙවෙයි, ඔය බලයත් එක්ක සෙල්ලම් දාන ගොඩක් අයට මේ කතාවේ ගන්න දෙයක්  තියෙනවා.

ඔය වගේ තවත් රසකතා කීපයක්ම පහත වීඩියෝවෙන් අහල බලන්න

 


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...