ඒ තිරිඟු පිටි ඒකාධිකාරිය විසින් මැතිවරණ සඳහා මුදල් යොදවන බවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ..
පසුගියදා පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය සිදුකළේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ..
ඔහු මේ බව පැවසූවේ සමාගම් දෙකකට, වෙළඳපොළේ තිරිඟු පිටි ඒකාධිකාරයක් හිමිකර දීමට පියවර ගැනීම හේතුවෙන්, බේකරි කර්මාන්තයට හා පොදුවේ පාරිභෝගික ජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව, ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප්‍රශ්නයක් ආණ්ඩුවට යොමු කරමින්.
''ලෝක වෙළඳපොළේ පිටි මිල අඩුවෙමින් තිබියදී, තිරිඟු ඇට මිල අඩුවෙමින් තිබියදී ,ඩොලරයේ අගය අඩුවෙමින් තිබියදී , ඒ වාසිය පාරිභෝගික ජනතාවට යන්නේ නැතුව, වෙන ආකාරයකින් ඒ සමාගම්වලට, මුදල් උපයා ගැනීම සඳහාත් ලබාදීලා. මේ සල්ලි වලින් විවිධ දේශපාලන අධිකාරීන් වෙත, මැතිවරණ ව්‍යාපාර, ජනාධිපති ඡන්දය සඳහා ෆන්ඩ් හදනවා.''
අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සිදුකළ මෙම එම ප්‍රකාශය, දේශපාලන කරළියේ විශේෂ අවධානයක් දිනා ගත්තා. ඔහු මෙම ආයතනවලට ඍජුව චෝදනා කිරීම සුවිශේෂී කාරණයක්.
''මේකයි තියෙන එකඟතාවය. මේගොල්ලො හැම ජනාධිපතිවරණ ඡන්දෙකම සල්ලි පොම්ප කරපු අය. ප්‍රීමා ආයතනය, නොදන්න කෙනෙක් නැහැ ඒක. මේ මොකක්ද කරන්නේ. එළඹෙන ජනාධිපතිවරණයේ අරමුදල් සඳහා තමයි, මේ පිටි අධික මිලකට පාරිභෝගික ජනතාවට ලබාදෙන්න සිදු වී තිබෙන්නේ.”
අනුර උස්සල දුන්න බෝලෙට ඩෑෂ් ෂොට් එක දුන්නේ චම්පික
අනුර කුමාර උස්සල දුන්න බෝලෙට ඩෑෂ් ෂොට් එක දුන්නේ ජනරජ පක්ෂ නායක චම්පික රණවක මන්ත්‍රීතුමා. ඒ පහුගිය සතියේ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් තිබුන රජයේ මුදල් කාරක සභාවේදී.
'' පිටි ඒකාධිකාරයක් තියාගෙන යන ප්‍රීමා , සෙරන්ඩිබ් සමාගම් දෙකකට දෙන්න යන මේ සහනයෙන්, මාසෙකට ඩොලර් බිලියන දෙකාමරක (2.5) පාඩුවක්, ඒ කියන්නේ මාසෙකට කෝටි 500ක පාඩුවක්, රටට සිද්ධ වෙනවා. පිටි වලට අදාල ගැසට් එක අදාල වෙන්නේ, මාස දෙකකට. ජුනි 14 ගහපු ගැසට් එකේ කාලය, අගෝස්තු 14 වෙනිදාට අවසන්. තාම ඒක පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගෙන නැහැ. එනිසා මේක අනුමත කරන්න බැ , මුළුමනින්ම නීති විරෝධියි.. '' චම්පික රණවක මන්ත්‍රීතුමා එහෙම කිව්වලු.
ඒ වෙලාවේ ඔය කමිටුවේ හිටපු පක්ෂ - විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්, ඒ කතාව අනුමතකලාලු . ඒ කියන්නේ ආණ්ඩුවේ යෝජනාව තාවකාලිකව අකුලා ගන්න වෙනවා වෙනවා කියන එකද ? තාම ඒ ගැන නම් ආණ්ඩුව පැත්තෙන් පැහැදිලි කිරීමක් කෙරිලා නෑ . චම්පික මන්ත්‍රී තුමත් තාම ප්‍රසිද්ධියේ ඒ ගැන මොකුත් කියලත් නෑ ..
ඔයවගේම තවත් දේශපාලන ඕපාදුප ටිකක් දැනගන්න පහත වීඩියෝව බලන්න
අනුරගේ ඩප්පි ප්‍රහාරය වැඩ කරයි : පිටි සහනය කණපිට හැරෙයි !
T
The Leader Desk
July 24, 2023 • 11:55 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පසුගිය සතියේ ජාතික ජනබලවේගය විසින් අලුත් මාතෘකාවක් දේශපාලන කරළියට රැගෙන ඒමට කටයුතු කර තිබුනා.
- පසුගියදා පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය සිදුකළේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ..
- මේ සල්ලි වලින් විවිධ දේශපාලන අධිකාරීන් වෙත, මැතිවරණ ව්‍යාපාර, ජනාධිපති ඡන්දය සඳහා ෆන්ඩ් හදනවා.'' අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සිදුකළ මෙම එම ප්‍රකාශය, දේශපාලන කරළියේ විශේෂ අවධානයක් දිනා ගත්තා.
- '' පිටි ඒකාධිකාරයක් තියාගෙන යන ප්‍රීමා , සෙරන්ඩිබ් සමාගම් දෙකකට දෙන්න යන මේ සහනයෙන්, මාසෙකට ඩොලර් බිලියන දෙකාමරක (2.5) පාඩුවක්, ඒ කියන්නේ මාසෙකට කෝටි 500ක පාඩුවක්, රටට සිද්ධ වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



