The Leader News
BREAKING
Top Ad
Gossip

කොළඹින් ඡන්දෙට එන අලුත් මුහුණක් !

T

The Leader Desk

July 26, 2023 • 8:52 AM

කොළඹින් ඡන්දෙට එන අලුත් මුහුණක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු නායක ගෝඨා උන්නැහේගෙ කාර්ය මණ්ඩලේ දැනට ඉන්න ඉහළම නිලයක් දරන කෙනෙක් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් සමඟ ඉදිරි
  • උන්නැහේ පසුගිය කාලෙ පොහොට්ටු කස්ටිය එක්ක හොඳින් ඉඳල ඒ පැත්තෙන් ඡන්දයට වරම් ඉල්ලුවත් එතැනින් සුහද ප්‍රතිචාරයක් නැති නිසා මේ තීරණය ගත්ත බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ.
  • අදටත් හිටපු ලොකු තැනගෙ සියලුම කටයුතු බලා කියාගෙන ඉන්න මුන්නැහේ රාජපක්ෂ පරපුරේ ඥාති බණ්ඩාර කෙනෙක් බවත් ආරංචියි.
  • ආරංචි විදියට ඒ කතාවල ඇත්තක් තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න යනවලු.

උන්නැහේ පසුගිය කාලෙ පොහොට්ටු කස්ටිය එක්ක හොඳින් ඉඳල ඒ පැත්තෙන් ඡන්දයට වරම් ඉල්ලුවත් එතැනින් සුහද ප්‍රතිචාරයක් නැති නිසා මේ තීරණය ගත්ත බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ.

අදටත් හිටපු ලොකු තැනගෙ සියලුම කටයුතු බලා කියාගෙන ඉන්න මුන්නැහේ රාජපක්ෂ පරපුරේ ඥාති බණ්ඩාර කෙනෙක් බවත් ආරංචියි.

තවදුරටත් කියැවෙන විදියට උන්නැහේ එකතු වෙන්න යන්නෙ ලන්සා පිලටලු. තරඟ කරන්නෙ කොළඹින් කියලයි දැනට කියැවෙන්නෙ.

ඔය කතාව තිබුනේ රුවන් විජේවර්ධනලගේ 'දේශය' ජාතික පත්තරේ. ඔය නො කියා කියන්නේ සුගීශ්වර බණ්ඩාර ගැන ..

ආරංචි විදියට ඒ කතාවල ඇත්තක් තියනවා. ලන්සලගේ , අනුරයාපාලගේ  , සුදර්ශනිලාගේ ඔය අලුත් පක්ෂේ ග්‍රවුන් වර්ක් ටික අදින්නේ සුගිශ්වර. ජවිපෙ හිටපු මන්ත්‍රී කෙනෙක් වගේම, බැසිල් රාජපක්ෂගේ මැතිවරණ යාන්ත්‍රනය මෙහෙයවපු  සිරිපාල අමරසිංහ තමයි අලුතින් පටන්ගත්තු රාජගිරිය ඔෆිස් එකේ වැඩ ටික අදින්නේ. ඒ වගේම ෆුල් ටයිමස්ලා කොඩිනෙට් කරන්නෙත් සිරිපාල කියලයි ආරංචි.

ඔෆිස් එක පටන් ගත්තු දවසෙම ලන්සා අලුත්ම ලැප්ටොප් මැෂින් 30ක් ඔෆිස් එකට ගෙනත් දීලා. දැනටම දිස්ත්‍රීක්කයට එක්කෙනාගනේ ඩේටා ඇන්ට්‍රී ඔපරෙටස්ලා දාලගෙන පොලින් බුත් එකෙන් බුත් එකට චන්ද දායකයෝ ගැන සංඛ්‍යා ලේඛන හදන්න පටන් අරන්.. බැසිල් කරපු වැඩේම අමරසිංහ මෙතනත් ඩුප්ලිකේට් කරනවා ලු.

ඔන්න දැන් ලබන අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා ලංකා දේශපාලනයේ මෙතෙක් නොතිබුන සයිස් එකේ රැළියකින් අලුත් පක්ෂේ ලෝන්ච් කරන්න කට්ටිය බරටම වැඩ.

කොහොම වුණත්  පහුගිය දවස්ටිකේ පොහොට්ටුවේ ඉන්න බැසිල් වාදීන් ලන්සව පතුරු ගහන්න පටන් අරන්. ගිය සතියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂේ මන්ත්‍රී කෙනෙක් ලන්සගෙන් ඔය ගැන අහල. '' මොකද මන්ත්‍රීතුමා පොහොට්ටුවේ සමහරු ඔබතුමාට ගහන්නේ කියල.

'' එයාල හිතාගෙන ඉන්නේ මම පොහොට්ටුවේ මන්ත්‍රීලා, පළාත් පාලන මන්ත්‍රීලා පොහොට්ටුවෙන් කඩාගන්න හදනවා කියල. ඒ කතාව බොරු .. මම දැනට පොහොට්ටුවේ ඉතුරුවෙලා ඉන්න කිසිම මන්ත්‍රී කෙනෙක් අපේ පැත්තට ගන්න කතාකරල නැ .. මම මේ දිගටම කතාකෙරුවේ පොහොට්ටුවේ ගැලවිලා ඉන්න මන්ත්‍රීලාට 67 දෙනාට විතරයි. එයාල අයෙත් රාජපක්ෂලා එක්ක දේශපාලනයක් කරන්න අදහසක් නැ . ඒ වගේම UNP එකට යන්න කැමතිත් නැ . ඉතින් අපි කරන්නේ ජනාධිපතිතුමා දිනවන වෙනම ෆ්රන්ට් එකක් සයිඩ් එකෙන් හදන එක. මම මේ ගැන විමල්, රාජිත, චම්පික, වෙල්ගම , දුමින්ද , රිෂාඩ් වගේ හිටපු ඇමතිවරු එක්කත් වෙන වෙනම කතා කෙරුවා. මේ සතියේ ටිරාන් , රොෂාන් ඇමතිවරු එක්කත් කතාකරන්න යි ඉන්නේ..

දැන් අපි දිනපතා ආසනයෙන් ආසනයට ගිහින් පොහොට්ටුවෙන් ගැලවුන ක්‍රියාකාරීන් හොයනවා අපේ පැත්තට ගන්න. ඔය පොහොට්ටු ඔෆිස් එකේ සමහරු මට බැන බැන යන්නේ එකට.. ''

ලන්සා උත්තර දීලා...

ඊට පස්සේ පොඩි බෝස්ටින් පාරකුත් දාලා.

'' දැනටම අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 32ක් විතර ඉන්නවා. මේ වෙනකොට වැඩිම දේශපාලන පක්ෂ එකතුවෙලා ඉන්නේ අපේ සන්ධානේ යටතේ..''

ඔය කතාවල ඇත්ත බොරු මොනවා වුණත් , UNP එකට යන්න බැරි පොහොටුවන්ගේ තාවකාලික නවාතැන්පල වෙන්න යන්නේ අනුරයාප ලගේ - ලන්සලගේ ඔය සන්ධානේ වෙන්නත් පුළුවන්..

මේ වගේම තවත් රසබර ඕපාදුප කීපයක් පහත වීඩියෝවෙන් අහන්න බලන්න පුළුවන්..


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...