The Leader News
BREAKING
Top Ad
Gossip

බැසිල් බරපතළ අවුලක : වත්ත වටේටම පණිවිඩ පිට පණිවිඩ !

T

The Leader Desk

August 11, 2023 • 7:57 AM

බැසිල් බරපතළ අවුලක : වත්ත වටේටම පණිවිඩ පිට පණිවිඩ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද කතාව පටන් ගන්න යන්නේ මීට වසර කිහිපයකට පෙර මතකයකින්.
  • ඔන්න ඒ පක්ෂය පැත්තෙන් එන අලුත්ම ආරංචිය තමයි, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ, ඒ කියන්නේ  බැසිල් ලොක්කා මේ දවස්වල ලොකු අවුලක ඉන්න බව.
  • සිරිපාල, ලේක් ඩ්‍රයිව් ඔෆිස් එකේ වැඩ ටික අදිද්දී , සුගීශ්වර බණ්ඩාර දිනපතාම පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීලා 10 ක් විතර ජනාධිපති කාර්යාලයේ තියෙන, ගෝඨාභයගේ සම්බන්ධිකරණ කාර්යාලයට ගෙන්න ගෙන්න සාකච්ජා තියනවා ලු.
  • ජවිපෙ මන්ත්‍රී කෙනෙක් විදියට ඉන්න කාලෙත් කලේ වෘත්තීය සමිති වැඩ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නේ පොදුජන පෙරමුණ පිහිටවපු වකවානුව. යහපාලන ආණ්ඩු සමය. එදා පිහිටවපු පොදුජන පෙරමුණ, එහෙමත් නැත්නම් පොහොට්ටු පක්ෂය හැඳින්වුණේ එය ආසියාවේ ශක්තිමත්ම පක්ෂය විදිහට. ඒත් වසර කිහිපයක් ගිය තැන මොකද වෙලා තියෙන්නේ ? ඔන්න ඒ පක්ෂය පැත්තෙන් එන අලුත්ම ආරංචිය තමයි, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ, ඒ කියන්නේ  බැසිල් ලොක්කා මේ දවස්වල ලොකු අවුලක ඉන්න බව. පොහොට්ටුවෙන් ගැලවෙන මන්ත්‍රීවරු එක කණ්ඩායමකට එකතු කරන්න ලන්සල හිමින් හිමින් පටන් ගත්තු වැඩේට දැන් තවත් කට්ටියක් එකතුවෙලා. බැසිල් අවුල්වෙලා තියෙන්නේ ඒකට.

ලන්සාට එක එක කයි කතන්දර කියද්දී, පැමිණිලි දාද්දී, ලන්සා සතියකට දෙකකට යුරෝපා සංචාරයකට ගිහින්.. දැන් වැඩේ අතට අරගෙන තියෙන්නේ අනුරයාපලා, අමරවීරලා, සුසිල් ප්‍රේමජයන්තලා, ජෝන් සෙනවිරත්නලා, දුමින්ද දිසානායකලා, අලගියවන්නලා, ප්‍රියංකර ජයරත්නලා වගේ අලුත් සෙට් එකක්..

ග්‍රවුන් එකේ බැහැල දුවන්නේ සිරිපාල අමරසිංහ. සිරිපාල, ලේක් ඩ්‍රයිව් ඔෆිස් එකේ වැඩ ටික අදිද්දී , සුගීශ්වර බණ්ඩාර දිනපතාම පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීලා 10 ක් විතර ජනාධිපති කාර්යාලයේ තියෙන, ගෝඨාභයගේ සම්බන්ධිකරණ කාර්යාලයට ගෙන්න ගෙන්න සාකච්ජා තියනවා ලු. ඒ රැස්වීමවලට එන හැමෝටම සංග්‍රහ කටයුතු ගලධාරි එකෙන් ලු. සතිපතා බිල ගෙවන්නේ ලන්සා  ලු..

ඔය සිරිපාල අමරසිංහ කියන්නේ ජවිපෙ හිටපු කාඩර්  කෙනෙක්. ජවිපෙ මන්ත්‍රී කෙනෙක් විදියට ඉන්න කාලෙත් කලේ වෘත්තීය සමිති වැඩ. පස්සේ බැසිල්ට එකතුවුනා. බැසිල්ගේ ඔය චන්ද මැෂිම බාරව හිටියේ අමරේ.. ඔන්න දැන් අමරේ අලුත් වැඩකට අතගහලා. ජවිපෙ ඉන්න කලේ එයත් එක්ක හිටපු ජවිපෙ , කාඩර්වරු කණ්ඩායමක් හදන්න යනවා. ආරංචි විදියට ජවිපෙ හිටපු මන්ත්‍රීලා කීපදෙනෙකුටම කොක්ක ගහලා. ඒ වැඩේ බාරදීලා තියන්නේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් විදියට හා හා පුරා කියා පාර්ලිමේන්තුවට ආපු කෙනෙකුට ලු.

ඕවා ආරංචි වෙනකොට බැසිල් ල කලබල වෙන එක අහන්නත් දෙයක් ද?

ලන්සලගේ ප්‍රොජෙට් එක සීරියස් ගන්න එපා කියලා බැසිල්, සාගර කාරියවසම්ලට කියල තිබුනට මොකද ඔන්න දැන් බැසිලුත් සීරියස් වෙලාලු.

තුන්වෙනි පාර්ශවයක් ලවා ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමට පණිවිඩයක් යවලා, ''ලන්සලාට එකතුවෙන්න එපා කියලා''. ආණමඩුවේ ආසන සංවිධායකකමයි, පුත්තලම දිස්ත්‍රීක් නායකකමයි දෙකම දෙන්නම් කියලත් කියලලු.

ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙක් අතේ කුරුණෑගල හිටපු සභාපති තුෂාර සංජීවටත් පණිවිඩයක් යවලා, ජොනි මේ දවස්වල ආණ්ඩුකාරතුමාට දිගටම කරදර කරනවා ලු, තුෂාරට විරුද්ධව ඇක්ෂන් ගන්න කියලා. ''ජොනීව බැලන්ස් කරලා දෙන්නම් කියල'' බැසිල්ගේ දූතයා තුෂාරට කියලා.
ඔය කතාවල ඇත්ත බොරු මොනවා වුණත් බැසිල්, මේ දවස්වල හොඳටම කලබල වෙලා කියලයි, නෙලුම් මාවත පක්ෂ මුලස්ථාන ආරංචි කියන්නේ.. 

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...