මේ අවස්ථාවට අමාත්‍ය නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, හිටපු මහ ඇමති ධර්මසිරි දසනායක පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිලන්ත රාජපක්ෂ, සුමිත් රාජපක්ෂ, චන්දන යාපා, රණවිරු හේරත් ඇතුළු පිරිසක් සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් මෙන්ම නව සන්ධාන පක්ෂ කාර්යාලය වෙනුවෙන් සුගීශ්වර බණ්ඩාර, සිරිපාල අමරසිංහ ද එක්ව සිටියහ.
නියෝජිත හමුව අවසන් වී පැමිණි සියලු දෙනා වෙනුවෙන් අනුර යාපාගේ නිවසේ දිවා භෝජන සංග්‍රහයක්ද සුදානම් කර තිබුණි.
ඒ අතරතුර පිරිස වත්මන් දේශපාලන තොරතුරු ගැනද සාකච්චා කළහ.
“ඇමතිතුමා, මේ වැඩපිළිවෙල ගැන ගම්වල ලොකු ප්‍රසාදයක් තියනවා, රාජපක්ෂවරුන්ගේ දේශපාලනය කලකිරුණු අයට යන්න එන්න තැනක් තිබ්බේ නෑ, මොකද ඒ අයට සජිත් ගාවට යන්නත් බෑ, මේක හොඳ වැඩක් ඒ අය එකතු කර ගන්න” වයඹ හිටපු මහා ඇමතිවරයා කතා බහ පටන් ගත්තේය.
“හුඟාක් මිනිස්සුන්ට අද වෙලා තියෙන්නේ හරි නායකත්වයක් නැතිකම, ඔබතුමාල මේ වැඩේ අතට ගත්තු එක හොඳයි“ නිලන්ත රාජපක්ෂ මන්ත්‍රීවරයා කිවේය.
“බැසිල් ඇමතිතුමා නං සෑහෙන ගේමක් දෙනවා කියල ආරංචියි මේ වැඩේ නතර කරන්න“ වයඹ හිටපු මහා ඇමතිවරයා කිවේ නිමල් ලන්සා දෙස බලමිණි. ලන්සා ඊට පිළිතුරු දුන්නේ සිනහවකිනි.
“ඇමතිතුමා අනවශ්‍ය අයනම් මේකට එකතු කරගන්න එපා“ සුමිත් රාජපක්ෂ කිවේය.
“නෑ නෑ එහෙම අය මේකට කොහොමත් එකතුවෙන්නේ නෑ, මෙතන ඉන්නේ දේශපාලනයේ නොකැළැල් මිනිස්සු” නලින් ප්‍රනාන්දු ඇමතිවරයා කිවේය.
“හුඟක් අය අපට මඩ ගහනවා හැබැයි මුණට එන්නේ නෑ“ නිමල් ලන්සා සිනාසෙමින් කිවේය.
“නව සන්ධානෙත් බැසිල්ගේ ගේම් එකක් කියලත් කතාවක් යනවා” රණවිරු හේරත් ප්‍රශ්න කළේය.
”එහෙනං මොකටද බැසිල් කියන්නේ මේක කොහොමහරි නතර කරලා දෙන්න කියල, අපට ගෝලයෝ දම්මලා ගහන්නේ මොකටද එයාගේ වැඩක් නං එහෙම කරන්නේ නෑ, හැබැයි එහෙම කියල හරි බලනවා මේකට එකතු වෙන අය නතර කරන්න,” නලින් ප්‍රනාන්දු ඇමතිවරයා තරමක් කේන්තියෙන් කිවේය.
මේ අතර අනුර යාපා, සුගීශ්වර බණ්ඩාර, සාරනාත් බස්නායක කතා බහක නිරතව සිටින අතරතුර වාරියපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාද පැමිණියේය.
“අනේ ඇමතිතුමා, එකක් කියන්නන් මේ වැඩේ ඉස්සරහට යන්න ඕනේ නම් හොඳ ලේකම් කෙනෙක් දාගන්න, හොඳ තරුණයෙක් බලලා දාන්න, කැඳ නැති ලේකම්ලා නම් දාගන්න එපා” හිටපු සභාපතිවරයා කිවේය.
අනුර යාපා ඇතුළු පිරිස හිටපු සභාපතිවරයා දෙස බැලුවේ “කාටද ඒ කැඳ නැත්තේ “ කියාය.
“දන්නවනේ ඉතින් කවුද කියල ,කවුරු හරි ලියල දුන්න එකක් කියවනවා, කොයි වෙලෙත් කැඳ නෑ වගේ ඉන්නේ“ යැයි හිටපු සභාපතිවරයා කියද්දී අනුර යාපා ඇතුළු පිරිස මහා හයියෙන් සිනා සුනේය.
ඉදිරි කාලය තුල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 14 හිම මෙවැනි නියෝජිත හමු පැවැත්වීමටද මෙහිදී තීරණය විය.
(asianmirror.lk)
අනුර යාපාගේ ගෙදරදී හෙළිවූ කැඳ නැති ලේකම් කවුද?
T
The Leader Desk
September 24, 2023 • 11:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නව සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත හමුව පසුගිය සෙනසුරාදා පෙරවරුවේ එම කණ්ඩායමේ මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා ගේ කුලියාපිටිය ඊරියගොල්ල නිවසේ දී පැවැත්වුණි.
- “හුඟක් අය අපට මඩ ගහනවා හැබැයි මුණට එන්නේ නෑ“ නිමල් ලන්සා සිනාසෙමින් කිවේය.
- අනුර යාපා ඇතුළු පිරිස හිටපු සභාපතිවරයා දෙස බැලුවේ “කාටද ඒ කැඳ නැත්තේ “ කියාය.
- “දන්නවනේ ඉතින් කවුද කියල ,කවුරු හරි ලියල දුන්න එකක් කියවනවා, කොයි වෙලෙත් කැඳ නෑ වගේ ඉන්නේ“ යැයි හිටපු සභාපතිවරයා කියද්දී අනුර යාපා ඇතුළු පිරිස මහා හයියෙන් සිනා සුනේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



