The Leader News
BREAKING
Top Ad
Gossip

සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලන්සාගේ පලු අරි

T

The Leader Desk

October 22, 2023 • 4:38 PM

සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලන්සාගේ පලු අරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා
  • එහිදී ලන්සාට සජබ නායකයින් නොසෑහෙන්න දොස් නගා ඇති බවද වාර්තාවේ.
  • එකවරම ඔහු දෙස බැලු නිමල් ලන්සා”ඒ මොකක්ද ඒ පාර වෙලා තියෙන්නේ…මටත් ඕක කීප දෙනෙක් කිව්වා,හැබැයි මම ගණන් ගත්තේ නෑ, ඒකියන්නේ ඇත්තටම එහෙම වෙලාද “කුතුහලයෙන් මෙන් අහලා.
  • “අයියෝ..ඕකේ ගොසිප් මට ඇවිත් වැඩක් නෑනේ..මට මොකටද සජබ ගොසිප්…ආවත් වැඩක් තියනවද, ඒවා මට නම් ඇත්තටම වැඩක් නෑ“ලන්සා සිනාසෙමින් කියාගෙන ගිහින් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්ත්‍රීවරයාට තොරතුරු දෙන පිරිසක් පිළිබඳව සාකච්චා කර තිබෙනවා.

එහිදී ලන්සාට සජබ නායකයින් නොසෑහෙන්න දොස් නගා ඇති බවද වාර්තාවේ.

පසුගිය පාර්ලිමේන්තු සතියේදී ආණ්ඩු පක්ෂ ලොබියේ සිටි නිමල් ලන්සා,නලින් ප්‍රනාන්දු,අනුර යාපා,මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරුන් ආගිය තොරතුරු කතාකරමින් සිටියදී ඒ අසලට පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් පැමිණියා.

“නායකතුමා වටකරගෙන කට්ටිය මොනාද කතාකරන්නේ, රහසිගත වැඩක්ද“බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙකු විමසුවේ පිරිස දෙස බලමින්.

“අපේ නෑනේ මල්ලි ඔය රහසිගත වැඩ,අපි හැංගිලා ගහන්නේ නෑ“අනුර යාපා කිවවා.

“හැංගිලා ගහන්න ගියපු ඔක්කොටම වැරදුණා, ඒ නිසා අපේ වැඩ අපි කරන්නේ එළිපිට, ඒවා විවෘත්තයි“ නිමල් ලන්සාද කතාබහට එක්වුණා.

“ලන්සා ඇමතිතුමාව නං විපක්ෂ නායකතුමාට පෙන්න බැරිලු, මේ සැරේ ගෘප් මීටින් එකේ ඇමතිතුමාගේ පලු ඇරලා කියල ආරංචියක් ආව “ගම්පහ නියෝජනය කරන තරුණ මන්තිවරයෙකු එහෙම කියල තිබෙනවා.

එකවරම ඔහු දෙස බැලු නිමල් ලන්සා”ඒ මොකක්ද ඒ පාර වෙලා තියෙන්නේ…මටත් ඕක කීප දෙනෙක් කිව්වා,හැබැයි මම ගණන් ගත්තේ නෑ, ඒකියන්නේ ඇත්තටම එහෙම වෙලාද “කුතුහලයෙන් මෙන් අහලා.

“ඔව් ඔව් හොඳටම පලු ඇරලා”ගම්පහ මන්ත්‍රීවරයා ලන්සා දෙස බලමින් කිව්වා.

“විපක්ෂ නායකතුමාට කාලෙන් කාලෙට කට්ටිය ඔහොම ලණු දෙනවා,මම ඉතින් එයත් එක්ක හම්බන්තොට දේශපාලනය කල මිනිහනේ මොකෝ මම නොදන්නාවයෑ එයා ගැන“ අමරවීර ඇමැතිවරයාද සිනාසෙමින් කියල තියෙනවා.

“එක පාරටම කිව්වලු ලන්සට තොරතුරු දෙන කට්ටිය ඉන්නවා ඒ වැඩේ වහාම නවත්තන්න කියල හොඳටම බැනල“ගම්පහ මන්ත්‍රීවරයා කිව්වා.

“අයියෝ..ඕකේ ගොසිප් මට ඇවිත් වැඩක් නෑනේ..මට මොකටද සජබ ගොසිප්…ආවත් වැඩක් තියනවද, ඒවා මට නම් ඇත්තටම වැඩක් නෑ“ලන්සා සිනාසෙමින් කියාගෙන ගිහින් තියෙනවා.

“අපි දැනගෙන හිටියේ පොහොට්ටුවේ තොරතුරු විතරයි ලන්සට එන්නේ කියල,බලන් ගියාම සජබේ තොරතුරුත් එනවනේ”නලින් ප්‍රනාන්දු ඇමතිවරයා කිවේ අනුර යාපාගේ පිටට තට්ටුවක්ද දමමින්.


(asianmirror.lk)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...