ඒ පසුගිය සතියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ඇමති ප්‍රසන්න රණතුංග අතර පැවැති රහසිගත සාකච්ඡාවකින් අනතුරුවයි.
ඇමති ප්‍රසන්න රණතුංග රනිල් හිතවාදී ස්ථාවරයක කටයුතු කරනවා. ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව රනිල්ට සහයෝගය පළ කළ යුතු බවයි. ඒත් නාමල් හිතවාදී පාර්ශවය පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පවසනවා. මේ ගැටුම නිසා නාමල් රාජපක්ෂ සහ ඔහුට හිතවාදී පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම හා ඇමති ප්‍රසන්න අතර වැඩි ඇයි හොඳයියක් පැවතුනේ නෑ.
කෙසේ වෙතත් පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට මේ ගැටලුව විසඳී ඇති බවයි. ඇමති ප්‍රසන්න පසුගියදා පොහොට්ටු කාර්යාලයේ පැවති පිරිත් පිංකමට ද සහභාගි වුණා. එහි දී පැය දෙකකට ආසන්න කාලයක් බැසිල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වී තිබෙනවා. මේ සාකච්ඡාවට වෙනත් කිසිවෙකු සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.
පිරිතට සහභාගිවූ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ අය සමඟ ද ඇමති ප්‍රසන්න පුද්ගලික කතාබහක යෙදුණු බව සඳහන්. මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට ඇත්තටම ප්‍රසන්න රනිල් එක්ක ද එහෙම නැත්නම් ඔහු මේ වෙනකොට ට්‍රැක් එක මාරු කරලා නැවත රාජපක්ෂවරුන් එක්ක යන්න තීරණය කරලා ද කියලා ඉදිරියේදී බලාගන්න පුළුවන් කියලයි පොහොට්ටුවේ අය කියන්නේ. හැබැයි නාමල් සහ ප්‍රසන්න අතර තිබුණු සීතල යුද්ධය මේ වෙනකොට අවසන් කියලා කියන්න පොඩි ඉඟියක් දැනගන්න ලැබුනා.
පහුගිය සතියේ දවසක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමතිවරයට කියලා තිබුණා ගම්පහ වැඩ කරනවා නම් ප්‍රසන්න අයියත් එක්ක වැඩ කරන්න කියලා. මේක කියන්නේ හේතු වුණේ ප්‍රසන්න සහ ඉන්දික අනුරුද්ධ අතර තිබුණු මත ගැටුමක්. ඉන්දික ප්‍රසන්නගේ දිස්ත්‍රික් නායකත්වය තමන්ට දෙන්න කියලා පක්ෂයෙන් ඉල්ලීමක් කරල තිබුණා ලු. මීගමුවට ප්‍රසන්න ගෙන් අහන්නේ නැතිව සංවිධායකවරයෙක් පත් කරගත්ත කියලත් ඒ සංවිධායකයා පහුගිය කාලේ අරගලයට සම්බන්ධ වෙච්ච කෙනෙක් කියලත් ඉන්දිකට චෝදනාවක් තිබුණා. මේ ගැන ඉන්දික ප්‍රසන්න ගෙන් සමාව අරගෙන කියලයි දැනගන්න තියෙන්නේ.
ප්‍රසන්න පොහොට්ටු අර්බුදය !
T
The Leader Desk
November 11, 2023 • 4:39 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇමති ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායමක් අතර පැවැති සීතල යුද්ධය අවසන් වී තිබෙනවා.
- ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව රනිල්ට සහයෝගය පළ කළ යුතු බවයි.
- ඒත් නාමල් හිතවාදී පාර්ශවය පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පවසනවා.
- කෙසේ වෙතත් පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට මේ ගැටලුව විසඳී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



