පාර්ලිමේන්තුවට ගිය ජනාධිපතිවරයා සභා ගර්භයට ගිහින් තියන්නේ අයවැය විවාදයට සහාභාගි වෙන්න.. ඒ වන විට විපක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් ඉඳල තියන්නේ සජබ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න.
සභා ගර්භයෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා විපක්ෂයේ ආලින්දයට ගිහින් සතුටු සාමිචියේ යෙදි ඉඳලා. ඒම අවස්තාවේ රංජිත් මද්දුමබණ්ඩාර, කාවින්ද, වරුණ ලියනගේ, උද්දික ප්‍රේමරත්න, වජිර අබේවර්ධන, දෙමල සන්ධානයේ හා මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරුන් ඉඳලා තියනවා..
ජනාධිපතිවරයා විපක්ෂයේ ආලින්දයේ ඉන්නා බව විපක්ෂ නායකතුමාට ආරංචි වෙලා. කලබල වෙච්ච විපක්ෂ නායකතුමා සෙරෙප්පු දෙකක් දාගෙන විපක්ෂයේ ආලින්දය පැත්තට කඩා බිඳගෙන ඇවිත්.. පාර්ලිමේන්තුවට නොගැලපෙන කොල පාට අත්කොට කමිසයක් ලු හැදගෙන හිටිය කියන්නේ..
ඒ වෙනකොට ජනාධිපති ආණ්ඩු පක්ෂ ආලින්දය දෙසට ගමන් කරමින් ඉඳලා.
තව පොඩ්ඩක් එහාට මෙහාට වුනානම් දෙදෙනා එකට හමුවිමට ඉඩ තිබුනා. එහෙම වුනානම් මොනවා වෙන්න තිබුණාද.?
ආණ්ඩු පක්ෂ ආලින්දයට ගිය ජනාධිපතිට මහින්ද රාජපක්ෂ හමුවෙලා. දෙදෙනා ටික වේලාවක් වාඩිවෙලා කතා කරමින් ඉඳලා.
ඒ වෙලාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, සුමිත් උඩුකුඹුර, ශෂෙන්ද්‍ර රාජපක්ෂ, තිස්සකුට්ටි, මිලාන් ජයලිතලක වගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුත් ඒ දෙන්න වටේ කැරකි කැරකි ඉඳල තියනවා.
රනිල් විපක්ෂයේ ආලින්දයට ගිහින්.. සජිත් කුලප්පු වෙලා !
T
The Leader Desk
November 14, 2023 • 10:45 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ආරක්ෂක මණ්ඩලය රැස්වීමෙන් පස්සේ , ජනාධිපතිවරයා අද කෙලින්ම ගිහින් තියන්නේ පාර්ලිමේන්තුවට.
- ජනාධිපතිවරයා විපක්ෂයේ ආලින්දයේ ඉන්නා බව විපක්ෂ නායකතුමාට ආරංචි වෙලා.
- කලබල වෙච්ච විපක්ෂ නායකතුමා සෙරෙප්පු දෙකක් දාගෙන විපක්ෂයේ ආලින්දය පැත්තට කඩා බිඳගෙන ඇවිත්..
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



