The Leader News
BREAKING
Top Ad
Gossip

පොලිස් ඇමැතිගේ පුතාට පොලිසියෙන් දඩ කොළයක්

T

The Leader Desk

December 4, 2023 • 5:14 PM

පොලිස් ඇමැතිගේ පුතාට පොලිසියෙන් දඩ කොළයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ පුතා පැදවූ මෝටර් රථය ගලගෙදර ප්‍රදේශයේදී
  • පොලිස් නිලධාරීන්ගේ නියෝගයට අවනත වූ රියදුරා එම රථය නතර කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු කළ වරද පහදා දී ඒ වෙනුවෙන් රුපියල් 1,100 ක දඩ කොලයක් නිකුත් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
  • කිසිදු කතාබහකින් තොරව දඩ දඩකොලය අතටගත් රියදුරා දඩ මුදල ගෙවා දැමීම සඳහා ආසන්නතම තැපැල් කාර්යාලය තිබෙන්නේ කොහේදැයි කියා විමසීමක් කරඇතැයි පොලීසිය සඳහන් කරයි.
  • පොලිස් නිලධාරියෙක් නිකමට මෙන් ඔහුගේ අනන්‍යතාවය හෙළි කර ගැනීම සඳහා තොරතුරු විමසූ අවස්ථාවේ තමා අමාත්‍ය ටිරාන් අලස් ගේ පුත්‍රයා බව පවසා ඇතැයි කියති.
අකුරු ප්‍රමාණය (Font Size):

සුදු ඉර කැපීම හේතුවෙන් ඔහුට රුපියල් 1,100 ක දඩ කොළයක් දී ඇති අතර ඔහු එම දඩ මුදල ගෙවා ඇතැයි පොලිසිය කියයි.

ටිරාන් අලස් ඇමතිවරයාගේ පුතා ඉකුත් සෙනසුරාදා (2) දා පදවා ගෙන ගිය මෝටර් රථය ගලගෙදර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී සුදු ඉර කැපී ගිය බව දුටු එහි රාජකාරී කළ පොලිස් සැරයන් සමරනායක (14124) සහ පොලිස් කොස්තාපල් සුසන්ත (77364) යන පොලිස් නිලධාරීන් දෙදෙනා එම රථය නතර කරන ලෙස සංඥා කර තිබේ.

පොලිස් නිලධාරීන්ගේ නියෝගයට අවනත වූ රියදුරා එම රථය නතර කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු කළ වරද පහදා දී ඒ වෙනුවෙන් රුපියල් 1,100 ක දඩ කොලයක් නිකුත් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

රියදුරාගේ රියදුරු බලපත්‍රය ද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ බාරයට ගෙන තිබේ.

කිසිදු කතාබහකින් තොරව දඩ දඩකොලය අතටගත් රියදුරා දඩ මුදල ගෙවා දැමීම සඳහා ආසන්නතම තැපැල් කාර්යාලය තිබෙන්නේ කොහේදැයි කියා විමසීමක් කරඇතැයි පොලීසිය සඳහන් කරයි.

පොලිස් නිලධාරියෙක් නිකමට මෙන් ඔහුගේ අනන්‍යතාවය හෙළි කර ගැනීම සඳහා තොරතුරු විමසූ අවස්ථාවේ තමා අමාත්‍ය ටිරාන් අලස් ගේ පුත්‍රයා බව පවසා ඇතැයි කියති.

මේ බව අසා කලබලයට පත් වූ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනා ඇයි සර් කලින් ඒ බව නොකිව්වේ යැයි කියා කියා විමසා තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමතිවරයා ගේ පුතා වුවත් තමන් කළේ වරදක් නිසා තමන් දඩ දඩකොලය ගෙවා දැමීමට කිසිසේත් පසුබට නොවන බව කියාතිබෙන බවද පැවසේ.

පොලිස් නිලධාරීන් දෙදෙනා ඇමති පුතා ගෙන් එම දඩ කොළය දරුපියල් 1,100 මුදලක්ද ඉල්ලාගෙන පොලිස් යතුරු පැදියෙන් තැපැල් කාර්යාලයට ගොස් අදාල දඩ මුදල ගෙවා එහි එහි රිසිට් පත ද රැගෙන පැමිණ රියදුරු බලපත්‍රය සමග එම රිසිට් පත ඇමති පුතාගේ අතට පත්කර තිබේ.

අමාත්‍ය ටිරාන් අලස් ගේ පුතාගේ මෙම ක්‍රියාව දැනගත් බොහෝ පොලිස් නිලධාරීන්ඔහුගේ නිහතමානීකම ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කර ඇතැයි ද දැන ගැනීමට ඇත.

සමහර ඇමැති පුතුන් පොලිසියට දැමූ පාට් ගැන හොඳ හැටි දන්නා පොලිස් නිලධාරින් ටිරාන් අලස් ඇමතිවරයා ගේ පුතා දඩ කොලය ලියන අවස්ථාවේ දී චණ්ඩි පාට් නොදමා කිසිදු කලබලයකින් තොරව අනන්‍යතාවය හෙළි නොකර දඩ කොලය ලබා ගැනීම ගැන පොලිස් නිලධාරීන් මවිතයට පත්ව ඇතැයිද කියති.

මේ සිද්ධිය දැනගත් බොහෝ පොලිස් නිලධාරීන් කියන්නේ වෙනත් දේශපාලනඥයකුගේ පුතකුට දඩ කොළයක් ලිව්වා නම් එම දඩ කොළය ලියූ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීමක් ලැබෙනු ඇතැයි කියාය.

පොලිසිය බාර ඇමැතිවරයා වන්නේ ද අමාත්‍ය ටිරාන් අලස් ය.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...