The Leader News
BREAKING
Top Ad
Gossip

ඩලස් සජබ නියෝජ්‍ය නායක කරන ඉල්ලීමට විරෝධයක් !

T

The Leader Desk

December 9, 2023 • 5:49 PM

ඩලස් සජබ නියෝජ්‍ය නායක කරන ඉල්ලීමට විරෝධයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ගණනාවක් එක්ව ලබන ජනවාරි මාසයේදී එළිදැක්වීමට
  • එහෙත් නව දේශපාලන සන්ධානයේ නායකත්වය ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස ටත්, මහ ලේකම් ධූරය ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ටත් හිමිවනු ඇති බවත්, නායකත්ව මණ්ඩලය පක්ෂ නායකයාගේ සහායට ක්‍රියාත්මක වන සංවිධානයක් බවත් 'දේශය' පුවත් වාර්තවේ තවදුරටත් සඳහන් වේ.
  • නව සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුරක් ඇතිකොට එම තනතුර තමන්ට ලබා දෙන ලෙස දකුණු පළාත නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයකු (හිටපු ඇමැතිවරයකු) විසින් කරන ලද ඉල්ලීම ස.ජ.බ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි ද 'දේශය' වාර්තා කරයි.
  • මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුයේ සජබ නව සන්ධානයේ නියෝජ්‍ය නායකයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.    
අකුරු ප්‍රමාණය (Font Size):

නියමිත නව දේශපාලන සන්ධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වී ඇතයි 'දේශය' ඉරිදා ජාතික පුවත්පත වාර්තා කරයි.

එහෙත් නව දේශපාලන සන්ධානයේ නායකත්වය ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස ටත්, මහ ලේකම් ධූරය ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ටත් හිමිවනු ඇති බවත්, නායකත්ව මණ්ඩලය පක්ෂ නායකයාගේ සහායට ක්‍රියාත්මක වන සංවිධානයක් බවත් 'දේශය' පුවත් වාර්තවේ තවදුරටත් සඳහන් වේ.

නව සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුරක් ඇතිකොට එම තනතුර තමන්ට ලබා දෙන ලෙස දකුණු පළාත නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයකු (හිටපු ඇමැතිවරයකු) විසින් කරන ලද ඉල්ලීම ස.ජ.බ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි ද 'දේශය' වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුයේ සජබ නව සන්ධානයේ නියෝජ්‍ය නායකයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...