වෙන් වෙන්ව තරග කිරීමෙන් කිසිම පක්ෂයකට වාසියක් නොවන බවට වූ තක්සේරුව මත ආරම්භ වූ මෙම සාකච්ඡා සම්බන්ධව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අවසන් මොහොත වනතුරු සිය අනුමැතිය ලබා දී තිබී නැත.
නමුත් පක්ෂයේ ඉහළ පෙළේ ප්‍රබලයින් කණ්ඩායමක් මේ සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටීම හේතුවෙන් ඔහුට සාකච්ඡා අනුමැතිය ලබා දීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රවේශයට එළඹීමට සජිත් ප්‍රේමදාස එකඟ නොවුනහොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ හා එක්ව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීමට මෙම කණ්ඩායම සූදානම් බව ඉඟි පලකිරීමත් සමග මෙම සාකච්ඡා සඳහා ඉඩ ලබාදීමේ දේශපාලන අවස්ථාව සජිත් විසින් සිය පක්ෂයට ලබා දී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ලබන මැතිවරණයක දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙසත්, සජිත් ප්‍රේමදාස අගමැතිවරයා ලෙසත් පත්වීමේ අපේක්ෂාව සහිතව මෙම සාකච්ඡා දෙපාර්ශවයෙන් අරඹා ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් පක්ෂ නායකයින් දෙපළ මේ වනතුරුත් හමුවී සාකච්ඡා පවත්වා නැත.
සම්බන්ධව දෙපාර්ශවයෙන්ම නියෝජිතයන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
මේ සාකච්ඡා අවසානයේ දී සජිත් සහ රනිල් එකතුවීම හෝ සජබය දෙකඩවීම සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
(lankasara.com)
රනිල් සජිත් එකතු කරන සාකච්ඡා අරඹලා !
T
The Leader Desk
December 10, 2023 • 9:07 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මීලඟ ජනාධිපතිවරණයට සජිත්, රනිල් එක්ව තරගකර ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා දෙපාර්ශවයෙන්ම ආරම්භ වී ඇතැයි ආණ්ඩුව පාර්ශවයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
- නමුත් පක්ෂයේ ඉහළ පෙළේ ප්‍රබලයින් කණ්ඩායමක් මේ සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටීම හේතුවෙන් ඔහුට සාකච්ඡා අනුමැතිය ලබා දීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
- ඒ අනුව ලබන මැතිවරණයක දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙසත්, සජිත් ප්‍රේමදාස අගමැතිවරයා ලෙසත් පත්වීමේ අපේක්ෂාව සහිතව මෙම සාකච්ඡා දෙපාර්ශවයෙන් අරඹා ඇතැයි වාර්තාවේ.
- කෙසේ වෙතත් පක්ෂ නායකයින් දෙපළ මේ වනතුරුත් හමුවී සාකච්ඡා පවත්වා නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



