The Leader News
BREAKING
Top Ad
Gossip

ඩලස්ගේ කෑල්ලක් සජිත් ළඟට ! - නිදහස ජනතා සභාව විසුරුවා හරි ද ?

T

The Leader Desk

December 17, 2023 • 4:14 AM

ඩලස්ගේ කෑල්ලක් සජිත් ළඟට ! - නිදහස ජනතා සභාව විසුරුවා හරි ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,
  • ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස ගේ කණ්ඩායම සමඟ ළඟදි ම එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
  •   ඩලස් අලහප්පෙරුම ඇතුළු කිහිප දෙනකු සඳහන් කර ඇත්තේ, සමගි ජන බලවේගය සමග එක්වන්නේ නම්, යම් කොන්දේසි මාලාවක් සහ වැඩපිළිවෙලක් සමඟ සන්ධානගත විය යුතු බවය.
  • එසේ නැතිව සමගි ජන බලවේගය සමග එක්වීමේ තේරුමක් නැති බව ඔවුන් පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස ගේ කණ්ඩායම සමඟ ළඟදි ම එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්වීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර, රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදකාරී තත්වය හමුවේ නිදහස ජනතා සභාව ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්විය යුතු යැයි එම මන්ත්‍රීවරුන් සිවුදෙනා නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

 

ඩලස් අලහප්පෙරුම ඇතුළු කිහිප දෙනකු සඳහන් කර ඇත්තේ, සමගි ජන බලවේගය සමග එක්වන්නේ නම්, යම් කොන්දේසි මාලාවක් සහ වැඩපිළිවෙලක් සමඟ සන්ධානගත විය යුතු බවය. එසේ නැතිව සමගි ජන බලවේගය සමග එක්වීමේ තේරුමක් නැති බව ඔවුන් පෙන්වා දී ඇත.

 

නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම ඉකුත් අඟහරුවාදා නාවල පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ කඩිනමින්ම එක්විය යුතු බව මහාචාර්ය ජීඑල් පීරිස්, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් සිවු දෙනා ළඟදීම සජිත් පිල සමඟ එක්වීමට නියමිතව ඇත.

නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන දහතුනකි.

(lankadeepa.lk - අජන්ත කුමාර අගලකඩ)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...