මෙහිදී මන්ත්‍රීවරුන්ගේ මාතෘකාව වූයේ මේ දිනවල කාගෙත් කතාබහට ලක්වෙන ''යුක්තිය මෙහෙයුම'' පිලිබදවය.
'යුක්තිය' දැන් ජනතාව අතර කතාබහ වෙනවා මෙහම කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ඔව් ඒක ඇත්ත සමහර ඔය පක්ෂ කියන්නෙ මේක මාධ්‍ය මෙහෙයුමක් කියලා ඒකට උත්තර දෙන්න වෙයි. තවත් රාජ්‍ය ඇමතිවරයකු පැවසීය.
''නෑ මම හිතන්නෙ මේක ටිරාන් ඇමතිතුමා සද්භාවයෙන් කරන එකක් කියලා. මේක ඇත්තටම හරියට කරයි කියලා විශ්වාසයක් තියෙනවා''- එහෙම කීවේ නාමල් රාජපක්ෂය.
ඔව් ඒක ඇත්ත තව මේක ජනතාව අතරට ගෙනියන්න ඕනෙ තවත් මන්ත්‍රීවරයකු පැවසීය.
'''මේ යුක්තිය මෙහෙයුමෙන් අල්ලන අයව පුනරුත්ථාපනය කරන්න ඕනෙ. මම ක්‍රීඩා හා තරුණ ඇමති කාලෙ පුනරුත්ථාපනය පිලිබදව වැඩකටයුතු ගොඩක් කලා'' නාමල් පැවසීය.
ඒ විතරක් නෙවෙයි මේ අල්ලපු මත්ද්‍රව්‍ය විනාශ කරන එකත් පෙන්නන්න ඕනෙ තවත් රාජ්‍ය ඇමතිවරයකු පැවසීය.
''ඔව් ඇත්තටම මේ මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත නැතිවෙනවා. ඔය අරගලයේ වැඩි හරියක් හිටියෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒකනෙ සීයට අටට තිබ්බ වැට් බද්ද ගෝඨාභය රාජපක්ෂ එලවලා දැන් සියයට දහ අටකට නග්ගගෙන අපිට බනින්නෙ. ඔය අරගල මත්ද්‍රව්‍ය පාවිච්ච් කරලා මිසක් හොද සිහියකින් කරන්න පුළුවන් ඒවා නෙවෙයි'' යැයි නාමල් පවසන විට සියල්ලන්ටම සිනහව නවතාගත නොහැකි විය.
තවත් මන්ත්‍රීවරයකු පැවසුවේ රන්ජන් විජේරත්න මොඩල් එකේ කෙනෙකුට නම් පමණක් මෙම මත්ද්‍රව්‍යට එරෙහි යුද්ධය කලහැකි බවය.
''ඔව් ඒක ඇත්ත ටිරාන් ඇමතිතුමා මේක කලොත් මෙතෙක් හිටපු හොදම පොලිස් ඇමති වෙනවා ''නාමල් පැවසීය.
''අනික අපි දරුවන් සහ දෙමව්පියන් ගැන බලන්න ඕනෙ මොකද මත්ද්‍රව්‍ය නිසා සමාජයෙන් බැටකන අය පිලිබදවත් අපි සොයා බලන්න ඕනෙ '' -නාමල් මෙහිදී වැඩි දුරටත් පැවසීය.
නාමල් 'යුක්තිය' ගැන කතා කරයි !
T
The Leader Desk
December 29, 2023 • 2:22 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පසුගිය සතියේද මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හමුව පැවැත්වූයේ නාමල් රාජපක්ෂගේ මලලසේකර මාවතේ පිහිටි නිවසේදීය.
- ඔව් ඒක ඇත්ත සමහර ඔය පක්ෂ කියන්නෙ මේක මාධ්‍ය මෙහෙයුමක් කියලා ඒකට උත්තර දෙන්න වෙයි.
- මේක ඇත්තටම හරියට කරයි කියලා විශ්වාසයක් තියෙනවා''- එහෙම කීවේ නාමල් රාජපක්ෂය.
- ඔව් ඒක ඇත්ත තව මේක ජනතාව අතරට ගෙනියන්න ඕනෙ තවත් මන්ත්‍රීවරයකු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



