The Leader News
BREAKING
Top Ad
Gossip

මීයා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජංගිය ගලවයි

T

The Leader Desk

January 4, 2024 • 6:13 AM

මීයා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජංගිය ගලවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසැම්බර් 31 වෙනිදා මීයා ටෙලිනාට්‍යයේ සුවි‍ශේෂ සිදුවීමක් තිබුන.
  • මේ නිසාම අරගලයට ‘ජංගි අරගලය’ නම් විරුදාවලියක්ද ලැබුනා.
  • ඒ තමයි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන චින්තන ධර්මදාස යට ඇඳුම ගලවන ජවනිකාවක් එයට ඇතුලත් වීම.  මෙතෙක් ලාංකේය ටෙලි චිත්‍රපට ඉතිහාසයේ කිසිම අධ්‍යක්ෂවරයෙක් තිරය මත යටඇඳුම් උනා දමා නැති නිසා මෙය ඓතිහාසික සිදුවීමක් වේවි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ තමයි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන චින්තන ධර්මදාස යට ඇඳුම ගලවන ජවනිකාවක් එයට ඇතුලත් වීම. 

මෙතෙක් ලාංකේය ටෙලි චිත්‍රපට ඉතිහාසයේ කිසිම අධ්‍යක්ෂවරයෙක් තිරය මත යටඇඳුම් උනා දමා නැති නිසා මෙය ඓතිහාසික සිදුවීමක් වේවි.

චින්තන ධර්මදාස විසින් මෙසේ යටඇඳුම් උනා දමන්නේ ඔහු එහි චරිතයක් නිරූපණය කරන නිසා නෙ‍ාවේ. අරගලය සම්බන්ධ සිදුවීමකදී එහි නිළිය (තිවංකා) එහි ප්‍රධාන චරිතයක් වන මෝඩ තරිඳුට (ධනුක) අධ්‍යක්ෂවරයා විසින් යටඇඳුම් උනාදැමීමේ සිදුවීම පෙන්නනවා. 

මේ සිදුවීම ඇත්තටම අරගලයේ සිදුවුනු දෙයක් වන අතර චින්තන ධර්මදාස විසින් රාජපක්ෂ රෙජීමයට විරුද්ධව යටඇඳුම ගලවා පාර්ලිමේන්තු වැටක එල්ලනු ලැබුවා. මේ නිසාම අරගලයට ‘ජංගි අරගලය’ නම් විරුදාවලියක්ද ලැබුනා.

කෙසේ වෙතත් උපහාසයට වගේම අපහාසයටත් බඳුන් වූ මෙම ජංගිය උනා දැමී‍මේ සිදුවීම චින්තන ධර්මදාස විසින් රූපවාහිනී තිරය හරහා ලංකාවේ සෑම සාලයකටම ගෙනැවිත් තිබුනා.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...