The Leader News
BREAKING
Top Ad
Gossip

වැඩක් කරගත්ත හැටි

T

The Leader Desk

February 17, 2024 • 3:02 PM

වැඩක් කරගත්ත හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ළඟදි එක්තරා දේශපාලන පක්ෂ නායක සයිස් මහත්තයෙක් බොහොම ප්‍රබල ඈත රටක සංචාරයෙ යෙදුණා...
  • ඒ අනුව එයා ඒ රටේ අය අතර ප්‍රචාරය කළා මෙතුමා තමයි ඊළඟ ඡන්දෙන් පස්සෙ අහවල් තනතුරට යන්නෙ..
  • මෙතුමාගෙ සංචාරය සූදානම් කළේ උන්නැහේගෙ පක්ෂයට ළඟදි එකතුවෙලා පට්ටමක් ගත්ත තරුණ ගුණ-වර්ධන කෙනෙක්ලු.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙතුමාගෙ සංචාරය සූදානම් කළේ උන්නැහේගෙ පක්ෂයට ළඟදි එකතුවෙලා පට්ටමක් ගත්ත තරුණ ගුණ-වර්ධන කෙනෙක්ලු.

ඉතින් මේ නායකතුමා ඒ රටට ගියාම පිළිගැනීම් සංවිධානය කිරීම රාත්‍රී භෝජන සංවිධානය කිරීම සේරම පැවරුණේ ඔය තරුණ සංවිධායකවරයට. උන්නැහේ ඒ සඳහා හුඟක්ම මහන්සි වුණත් ඒ කියන විදියට පිළිගැනීම් හෝ රාත්‍රී භෝජන සංවිධානය කරගන්න අමාරු වුණාලු...

අන්තිමේදි ඒ වැඩේ කරගන්න මේ තරුණ සංවිධායකතුමා දේශපාලන ගැටයක් ගැහුවා.. ඒ අනුව එයා ඒ රටේ අය අතර ප්‍රචාරය කළා මෙතුමා තමයි ඊළඟ ඡන්දෙන් පස්සෙ අහවල් තනතුරට යන්නෙ.. ඒක ඉර හඳ වගේ ස්ථිරයි වගේ නොයෙක් කතා...

මේ කතා ප්‍රචාරය කරලා ඊළඟට පිළිගැනීම් හා රාත්‍රී භෝජන සංග්‍රහ යෝජනාව ගෙනාවලු.

ඒ කතාව ගියා විතරයි... ඔන්න එච්චර කල් භෝජන සංග්‍රහ පිළිගැනීම්වලට අදිමදි කරන අය පෝලිමේ ආවලු මේ දේශපාලන නායකය පිළිගන්න.

(deshaya.lk)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...