The Leader News
BREAKING
Top Ad
Gossip

පාර්ලිමේන්තුව විසුරුවා ජුලි මාසයේ මහ මැතිවරණයක් ?

T

The Leader Desk

February 17, 2024 • 3:42 PM

පාර්ලිමේන්තුව විසුරුවා ජුලි මාසයේ මහ මැතිවරණයක් ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළැඹෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැර ජුලි මස 20 වැනි දිනයේදී පමණ මහ මැතිවරණයක්
  • ජූලි මහ මැතිවරණයක් කැඳවනු ලැබුවහොත් එය ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි දින වකවානු ප්‍රශ්නයක් මෙන්ම මුදල් ප්‍රශ්නයක් ද ඇති කරනු ඇත.
  • ඒ අනුව සල්ලි නැතැයි ප්‍රකාශ කරමින් ජනාධිපතිවරණය තවදුරටත් කල් දමා ගැනීමේ උත්සාහයක ජනාධිපතිවරයාට නිරත වීමට හැකියාවද ලැබෙනු ඇත..
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙයි.

වර්තමාන පොහොට්ටු කණ්ඩායමේ සහාය එන්න එන්නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අහිමි වී යෑම සහ ජාතික ජන බලවේගයේ නැඟීම යන සාධක සලකා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගන්නට බොහෝදුරට ඉඩ ඇති බව ප්‍රකාශ වෙන අතර ඒ සඳහා ඔහුට උපදෙස් ලැබෙමින් ඇතැයිද විශ්වාසදායක ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එම පාර්ලිමේන්තු මැතිවරණයේදී දැන් පවතින රැල්ල අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගත්ත ද සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වෙන බැවින් සමගි ජන බලවේගයටද එම ආසන ප්‍රමාණයට ආසන්න ආසන ප්‍රමාණයක් හිමිකර ගන්නට හැකි වෙතැයි මෙහිදී සලකා බලා ඇත.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුන් සම්බන්ධ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සජබට සහාය ලබා දෙනු ඇතැයි ද ඒ හරහා ජනාධිපතිවරණයේදී එම පක්ෂය හා සන්ධානගත වෙමින් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව උදාකර ගැනීම සඳහා සැලසුමක් ඇතැයිද ප්‍රකාශ වෙයි.

ජූලි මහ මැතිවරණයක් කැඳවනු ලැබුවහොත් එය ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි දින වකවානු ප්‍රශ්නයක් මෙන්ම මුදල් ප්‍රශ්නයක් ද ඇති කරනු ඇත. ඒ අනුව සල්ලි නැතැයි ප්‍රකාශ කරමින් ජනාධිපතිවරණය තවදුරටත් කල් දමා ගැනීමේ උත්සාහයක ජනාධිපතිවරයාට නිරත වීමට හැකියාවද ලැබෙනු ඇත..

(කේ. සංජීව - අනිද්දා පුවත්පත)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාර්ලිමේන්තුව විසුරුවා ජුලි මාසයේ මහ මැතිවරණයක් ? | The Leader