The Leader News
BREAKING
Top Ad
Gossip

මැතිවරණ දිනය ගැන උදයංග වීරතුංගගෙන් ඉඟියක් !

T

The Leader Desk

March 6, 2024 • 4:37 AM

මැතිවරණ දිනය ගැන උදයංග වීරතුංගගෙන් ඉඟියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන උදයංග වීරතුංග පවසයි.
  • මහ මැතිවරණයෙන් පොහොට්ටු බහුතරය දිනාගන්නා බව අපට විශ්වාසයි.
  • මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තයා පිළිගන්න ආවා.
  • රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයෙන් ආවොත් ලක්ෂ දෙකහමාරට තව 50,000ක් එකතු වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපතිවරයකු වන ඔහු පවසන්නේ, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එකඟවන්නේ නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි  මහ මැතිවරණයක් පැවැත්වීමට සුදානම් බව ඊයේ දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ ප්‍රකාශකළ බවයි. 

විවිධ වරප්‍රසාද හේතුවෙන් ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කරන බවට ප්‍රකාශ කළ ද එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම් මට්ටමේ මතය එය නොවන බව ද උදයංග වීරතුංග පවසයි.

"කැට තියලා කියනවා සිංහල අවුරුද්ද ඉවර වුණාට පස්සේ, මහ මැතිවරණයකට දින නියම වෙනවා. මහ මැතිවරණයෙන් පොහොට්ටු බහුතරය දිනාගන්නා බව අපට විශ්වාසයි. අද බැසිල් මහත්තයා සුදානම් නායකත්වය දෙන්න අපේ පෙරමුණට. ඒක පිළිගන්න අය ආවේ. මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තයා පිළිගන්න ආවා. ඒකම හොඳ ආරම්භයක් නේ. රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයෙන් ආවොත් ලක්ෂ දෙකහමාරට තව 50,000ක් එකතු වෙයි. ඔය ප්‍රකාශයකයෝ පත්කරත් ඔයිට වඩා ලැබෙනවා. ඇමතිකම බේරගන්න, යම්කිසි තනතුරක් ලබාගන්න උඩ දාලා ගත්තට ගමේ ජනතාවගේ දැක්මක් තියෙනවා. පොහොට්ටුවේ නායකයා කරන්නේ ඒ ඉල්ලීම."

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසන්නේ, ජනවරම විනාශ කර ගත් පොදුජන පෙරමුණට දේශපාලන අනාගතයක් නොමැති බවයි. 

කෙසේවෙතත් ඉදිරි මැතිවරණයක දි සියලු පක්ෂවල සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත හිමිවන බව අකිල විරාජ් කාරියවසම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ අතර සමගි බලවේගයේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බවයි.

(adaderana.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...