The Leader News
BREAKING
Top Ad
Gossip

මැතිසබය විසුරුවන්න ආණ්ඩුවේ විපක්ෂයේ රහස් සාකච්ඡාවක්

T

The Leader Desk

March 9, 2024 • 11:47 AM

 මැතිසබය විසුරුවන්න ආණ්ඩුවේ විපක්ෂයේ රහස් සාකච්ඡාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ
  • මේ සාකච්ඡාවේදී සිංහල අවුරුද්දෙන් පසුව මැතිසබය විසුරුවා හැරීම ගැන දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
  • එසේම ඊට කැමැති මන්ත්‍රීන් සංඛ්‍යාව ලැයිස්තුගත කොට ගණනය කිරීමටත් එකඟත්වයක් ඇති කරගෙන ඇතැයි ද සඳහන්ය.
  • කෙසේ වෙතත් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඇතිවූ මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කොට අවසාන එකඟතාවක් ලබාගැනීමටද තීන්දු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

මේ සාකච්ඡාවේදී සිංහල අවුරුද්දෙන් පසුව මැතිසබය විසුරුවා හැරීම ගැන දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි දැනගන්නට ඇත. එසේම ඊට කැමැති මන්ත්‍රීන් සංඛ්‍යාව ලැයිස්තුගත කොට ගණනය කිරීමටත් එකඟත්වයක් ඇති කරගෙන ඇතැයි ද සඳහන්ය.

කෙසේ වෙතත් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඇතිවූ මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කොට අවසාන එකඟතාවක් ලබාගැනීමටද තීන්දු වී ඇත.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීන් පිරිසක් මෙම රහස් සාකච්ඡාව සඳහා එක් වී ඇතැයි ද පැවසේ.

ඒ අතර පසුගියදා ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පළමුව පැවැත්විය යුත්තේ ජනපතිවරණය වුවත් මන්ත්‍රීන් අවශ්‍ය නම් යෝජනා සම්මතයකින් මැතිසබය විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ හැකියාව ඇති බවයි.

(deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිසබය විසුරුවන්න ආණ්ඩුවේ විපක්ෂයේ රහස් සාකච්ඡාවක් | The Leader