The Leader News
BREAKING
Top Ad
Gossip

නාමල් රට ගියේ විශ්වාස භංගය මඟ අරින්න ද?

T

The Leader Desk

March 23, 2024 • 4:33 AM

නාමල් රට ගියේ විශ්වාස භංගය මඟ අරින්න ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සජබ ප්‍රමුඛ විපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ කතානායවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගය යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ නාමල්
  • සියලු දෙනාගේ කුතුහලය නැති කිරිමට ජොන්ස්ටන් ප්‍රනාන්දුට මන්ත්‍රීවරයා දුරකතනයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගෙන ඇත්තේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද වට කරගෙනය.
  • '' - ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසා ඇත.
  • මම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව දැනුවත් කරලා ආවෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජපක්ෂ මන්ත්‍රීවරයා නොපැමිණිම ගැන මන්ත්‍රීවරු බොහෝ පිරිසකට ගැටලුවක් වී තිබුනි.

නාමල් මන්ත්‍රීවරයාගේ අඩුව කැපී පෙනුන අතර ඒ පිළිබඳව දේශපාලන පිටියේ දැඩි කතාබහට ලක් විය.

සියලු දෙනාගේ කුතුහලය නැති කිරිමට ජොන්ස්ටන් ප්‍රනාන්දුට මන්ත්‍රීවරයා දුරකතනයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගෙන ඇත්තේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද වට කරගෙනය.

“නාමල් මම ජොනී මෙන්න මගෙන් කට්ටිය අහනවා ඇයි අද ඡන්දයට ආවෙ නැත්තෙ කියලා. '' - ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසා ඇත.

'' ආ මම හදිසියේම ඩුබායි ආවා. මම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව දැනුවත් කරලා ආවෙ. මොකද මෙහෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ හමු කිහිපයක්ම සංවිධානය කරලා තිබුණා, ව්‍යාපාරික හමුවක් තිබුණා. කීප වතාවක්ම කල්ගියා මේක කල්දමන්නට බැරි හින්දා මම කතානායක දැනුවත් කරලා ආවා.” යනුවෙන් මන්ත්‍රීවරයා කියා තිබේ.

මේ ඇමැතුම අතර එතැන සිටි විපක්ෂයේ කටකාර මන්ත්‍රීවරයකු ආසා තිබුනේ “හදිසියේ හරි එක ඡන්දයකින් පැරදුණානම් මොකද වෙන්නෙ.” කියා ය.

“මම දන්නවා දිනනවා කියලා මම එන්න කලින් ඔක්කොම හොයලා බලලා දැනුවත් කරලා ආවෙ. මොකද අපි කතානායක රකින්න ඕනෙ ඔන්න අපි රැකලා පෙන්නුවා.” යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිනාසෙමින් පිළිතුරු දී ඇත.

(චතුරංග මේදිස්)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...