The Leader News
BREAKING
Top Ad
Gossip

පොහොට්ටු ඉහළම මණ්ඩලයේ තීරණාත්මක හමුවීම් දෙකක්

T

The Leader Desk

April 9, 2024 • 12:03 PM

පොහොට්ටු ඉහළම මණ්ඩලයේ තීරණාත්මක හමුවීම් දෙකක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹෙන අවුරුදු උත්සවයට පෙර පොහොට්ටු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක හමුවීම් දෙකක් අද (09) සහ ලබන 11 වෙනි දින යොදා ගෙන ඇති බව අනාවරණය වේ.
  • පසුගිය 04 වෙනි බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර රහසිගත තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේ පවත්වා ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉදිරි මැතිවරණවලදී පක්ෂය ගත යුතු ස්ථාවරය සහ ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට එකිනෙකට ප්‍රතිවිරෝධී කණ්ඩායම් දෙකක් සහ නිහඬ පිරිසක් ද වශයෙන් පිල් තුනක් නිර්මාණය වී පවතී. 

රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඔහුට සහයෝගය දිය යුතුය යන මතය දරණ බහුතර පිරිසක් සිටින බව අනාවරණය වේ. 

එමෙන් ම, රාජපක්ෂ පවුලට පිළිගත හැකි අපේක්ෂකයෙකු අවසන් මොහොතේ ඉදිරිපත් කිරීමට ද ඉන් මෙපිට මහ මැතිවරණයක් දිනා ගැනීමට ද පෙළ ගැසුණු පිරිසක් ද සිටිති. රාජපක්ෂ පවුලේ සියලු දෙනා මෙම අරමුණ වෙනුවෙන් ක්‍රියා කරමින් සිටී.

පසුගිය 04 වෙනි බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර රහසිගත තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේ පවත්වා ඇති බව මේ වනවිට හෙළි වී තිබේ. එහිදී ඇති වූ එකඟතා හෝ මත ගැටීම් පොහොට්ටු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට තීරණාත්මක ලෙස බලපාන බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. 

අද පැවැත්වෙන හමුවීමෙන් පසුව වැඩි දුර සාකච්ඡා සඳහා 11 වෙනි දින ද යොදා ගෙන ඇති බවත් ඒ අනුව අවුරුදු නැකත් චාරිත්‍රවලට පෙර පොහොට්ටු පක්ෂය සම්බන්ධයෙන් තීරණාත්මක දේශපාලන හැලහැප්පීම සිදුවිය හැකි බවත් අනාවරණය වේ.

(lankatruth.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...