The Leader News
BREAKING
Top Ad
Gossip

මහින්දානන්ද පොහොට්ටු ලේකම්ට කට උත්තර නැති වෙන්න දීලා

T

The Leader Desk

July 2, 2024 • 4:45 AM

මහින්දානන්ද පොහොට්ටු ලේකම්ට කට උත්තර නැති වෙන්න දීලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටු පක්ෂයේ රනිල් පිල තව දුරටත් රාජපක්ෂ පිලට එරෙහිව ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගවල යෙදී සිටින බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ජුනි 30 දා මාතරදී පවත්වන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැළියේ නිවේදන කටයුතු සඳහා පොහොට්ටු පක්ෂයේ නිවේදක සුරේෂ් තාරක එක්කර ගෙන ඇතිබව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් හට එය ආරංචි වී තිබුණේ රැලිය ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. 

ලේකම්වරයා එසැනින් දුරකතන ඇමතුමක් ගෙන වහාම නිවේදන කටයුතුවලින් ඉවත්ව යන ලෙස සුරේෂ් තාරකට දැඩි ලෙස නියෝග කර ඇත.

සුරේෂ් තාරක ඒ බව කංචන විජේසේකරට දන්වා ඇති අතර ඔහු ඒ බව මහින්දානන්ද අලුත්ගමගේට පවසා තිබේ. 

මහින්දානන්ද අලුත්ගමගේ පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම්ට එසැනින් දුරකතන ඇමතුමක් ලබා ගෙන බලු වැඩ කරන්න ඇවිත් වරද්දා ගන්න එපා යැයි තර්ජනය කර ඇති අතර එම තර්ජනය හමුවේ සාගල කාරියවසම් නිරුත්තර වූ බව හෙළිවී තිබේ.

(lankatruth.com)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහින්දානන්ද පොහොට්ටු ලේකම්ට කට උත්තර නැති වෙන්න දීලා | The Leader