The Leader News
BREAKING
Top Ad
Gossip

සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි !

T

The Leader Desk

September 29, 2024 • 10:03 AM

සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි 'ලංකාදීප' වාර්තා කරයි.
  • ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සංධානයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරළ ඇතුළු නියෝජිත පිරිසක් නම් කරනු ලැබීය.
  • ඉන් එක් ප්‍රධාන කාරණයක් වන්නේ සජබ ලකුණ වන ටෙලිෆෝනයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියයි.
  • හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සජබ පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීම ද සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා බලවත් බාධකයක් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම පුවත් වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සංධානයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරළ ඇතුළු නියෝජිත පිරිසක් නම් කරනු ලැබීය.

මෙම කණ්ඩායම දැනට සජබ නියෝජිතයන් සමඟ එක් එක් ආකාරයෙන් සාකච්ඡා වට අටක් පමණ පවත්වා තිබෙන අතර ඉහත සාකච්ඡා වලදී සජබ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත් කිරීමට හේතු වී පවතී.

ඉන් එක් ප්‍රධාන කාරණයක් වන්නේ සජබ ලකුණ වන ටෙලිෆෝනයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියයි.

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සජබ පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීම ද සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා බලවත් බාධකයක් වී තිබේ.

 

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ ට ලැබුණු ඡන්ද වලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් හිටපු ජනාධිපතිවරයා නැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින්වත් එකඟ වීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී තිබේ.

 

වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ගොඩ ගනිමින් පරිනත දේශපාලන නායකත්වයක් පෙන්වූ රනිල් වික්‍රමසිංහ ගේ සහාය ඉදිරි දේශපාලන කටයුතු වලදී අනිවාර්යයෙන්ම යොදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සජබ පාර්ශ්වයට සෘජුවම දැනුම් දී තිබේ.


සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට පිරිනැමිය යුතු බවය.එම යෝජනාවටද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ බලවත් විරෝධය එල්ල වී තිබේ.

ඇතිවී තිබෙන වාතාවරණය අනුව සජබ සහ එජාපය ඒකාබද්ධ වී නව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීමට ගෙනයන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක් පැවසීය.

නායකත්වය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මේ වන විට පැන නොනැගී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොර නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම කිසිදු ප්‍රයෝජනයක් නැති කටයුත්තක් යැයිද එජාප ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...