එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස තලතා අතුකෝරල මහත්මිය වැඩබාර ගැනීමත් සමග මේ වැඩ කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට යෝජනා වී ඇත.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ගේ සහ තලතා අතු කෝරල ගේ මූලිකත්වයෙන් ඉකුත් මහ මැතිවරණයට පෙර සිටම ආරම්භ කෙරුණු නමුත් එම සාකච්ඡා වල අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි විය.
නමුත් වර්තමානයේ ඇති වී තිබෙන සමාජ ආර්ථික අර්බුද හමුවේ ප්‍රබල දක්‍ෂිණාංශික කඳවුරක එකතුවක් පිළිබඳව නැගෙන යෝජනා වලට පිළිතුරක් ලබා දෙමින් එජාප සජබ එකතුව සම්බන්ධ සාකච්ඡා නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයාමට අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකය සඳහන් කළේය.
එම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ ද පූර්ණ නිදහස ලබා දී තිබේ.
සජබ, එජාප එකතුවක් වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව තිබෙන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද ඉකුත්දා ප්‍රකාශයට පත් කර තිබිණි.
(lankadeepa | අංජුල මහික වීරරත්න)
සජබ - එජාප දීග කතා ලබන සතියේ සිට
T
The Leader Desk
January 7, 2025 • 4:44 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය කර තිබේ.
- සජබ, එජාප එකතුවක් වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව තිබෙන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද ඉකුත්දා ප්‍රකාශයට පත් කර තිබිණි.
- එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස තලතා අතුකෝරල මහත්මිය වැඩබාර ගැනීමත් සමග මේ වැඩ කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට යෝජනා වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


