The Leader News
BREAKING
Top Ad
Gossip

ආවා ගියා

T

The Leader Desk

February 8, 2025 • 5:04 PM

ආවා ගියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණ තරුණියන්ගෙ ජීවිත හොඳ කරන්න මහරගම පැත්තෙ තියෙන සභාවක ලොකු එක්කෙනා හදිසියේ සභාව දාලා ගියානෙ. මේක ගැන විවිධ කතා
  • කොහොම හරි සමහර තනතුරු අයින් කරන්න කියලා, සමහර ආයතන එකතු කරන්න කියලා අර කැලෑ අධ්‍යක්ෂ මණ්ඩලය දුන්න තීරණවලට සභාවේ ලොකු තැන ඇහුම්කන් දුන්නෙ නෑලු‍.
  • ඒත් අපිට ආරංචි වුණු විදිහට එයා යන්න හේතුව තරුණයො භාර නියෝජ්‍ය ලොකු තැනයි, එයාලගෙම පක්ෂයෙ කම්කරු සමිතියක්ලු‍.
අකුරු ප්‍රමාණය (Font Size):

තියෙනවා.

ඒත් අපිට ආරංචි වුණු විදිහට එයා යන්න හේතුව තරුණයො භාර නියෝජ්‍ය ලොකු තැනයි, එයාලගෙම පක්ෂයෙ කම්කරු සමිතියක්ලු‍.

අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්න සභාවට අමතරව අර නියෝජ්‍ය ලොක්කා කම්කරු සමිතියේ කට්ටිය එක්ක මණ්ඩලයක් හදාගෙන සභාවේ ලොකු තැනට අරක කරන්න මේක කරන්න කියනවලු‍.

ඒකට හේතුව නියෝජ්‍ය ලොකු තැනත් කාලයක් ඔය සභාවේ සුළු හාදයෙක් වගේ වැඩ කරලා තියෙන එකලු.

කොහොම හරි සමහර තනතුරු අයින් කරන්න කියලා, සමහර ආයතන එකතු කරන්න කියලා අර කැලෑ අධ්‍යක්ෂ මණ්ඩලය දුන්න තීරණවලට සභාවේ ලොකු තැන ඇහුම්කන් දුන්නෙ නෑලු‍. මේ නිසා නියෝජ්‍ය ලොකු තැනටයි, සමිති මණ්ඩලයටයි තරහ ගිහින් සභාවේ ලොකු තැනට එරෙහිව වැඩ කරන්න අරගෙන.

සභාවේ ලොකු තැන නීතිය දන්න කෙනෙක් නිසා වැරදි දේවල් කරන්න බෑ කියලා ආයුබෝවන් කියලා යන්න ගියාලු‍.

අන්තිමේ නියෝජ්‍ය කෙනාට ඕනෑවට ඉස්සෙල්ලා සභාවේ ලොකු තැනගේ ලියුම් එහෙම බලලා ලියන කියන කෙනාව දැම්මලු‍ ලොකු පුටුවටම.

| deshaya

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...