The Leader News
BREAKING
Top Ad
Gossip

සජබ ලොක්කෙකුට ආණ්ඩුවේ අනුග්‍රහය ලැබිල ද ?

T

The Leader Desk

March 6, 2025 • 6:38 AM

සජබ ලොක්කෙකුට ආණ්ඩුවේ අනුග්‍රහය ලැබිල ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පාහේ ආණ්ඩුව පාර්ශවයෙන් විවිධාකාරයේ චෝදනා එල්ල වෙමින් තිබියදී, සජබ ජ්‍යෙෂ්ඨ නායකයකු සම්බන්ධයෙන් කිසිඳු අකාරයේ විරෝධයක් එල්ල නොවීම එම පක්ෂයේ ඇතැම් තරුණ මන්ත්‍රීවරුන්ගේ සැකයට හේතු වී ඇතැයි පැවසේ.
  • ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ  සජබ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසා තිබුනේ, තම පවුලට ඉන්ධන පිරවුම් හලක් ලැබී ඇත්තේ තමාගේ සීයාගේ කාලයේදී බවයි.
  • ඒ අතර හර්ෂණ රාජකරුණා පවසා තිබුනේ ද සිය පවුලට හිමි ඉන්දන පිරවුම්හල තමාගේ පියා විවාහ වීමටත් පෙර සියා සතුව පැවති බවකි.
  • මෙවැනි චෝදනා පාර්ලිමේන්තුවෙන් පිට ප්‍රකාශ කළහොත් නිත්‍යානුකුලව කටයුතු කරන බවටද ඔහු අවධාරණය කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය සමයේ දේශපාලන අනුග්‍රහය මත ඉන්ධන පිරවුම් හල් ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ම ආණ්ඩුවේ පාර්ශවයෙන් චෝදනා එල්ල වෙද්දී, එවැනි ඉන්ධන පිරවුම් හල් දෙක තුනක්ම පවත්වාගෙන යන සජබ ජ්‍යෙෂ්ඨයකු සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් කිසිඳු අකාරයේ විරෝධයක් මතු නොවීම ද එම සැකයට හේතුවී ඇතැයි ද පැවසේ.

පසුගිය ආණ්ඩුව සමයේදී දේශපාලන අනුග්‍රහයෙන් ඉන්ධන පිරවුම් හල් ලබාගෙන ඇතැයි ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා සහ කිංස්ලි නෙල්සන් යන සජබ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව පාර්ශවයෙන් පසුගියදා චෝදනා එල්ල වී තිබිණ. ඒ අනුව එම මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් ද සිදුකර තිබිණ.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ  සජබ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසා තිබුනේ, තම පවුලට ඉන්ධන පිරවුම් හලක් ලැබී ඇත්තේ තමාගේ සීයාගේ කාලයේදී බවයි. ඒ අතර හර්ෂණ රාජකරුණා පවසා තිබුනේ ද සිය පවුලට හිමි ඉන්දන පිරවුම්හල තමාගේ පියා විවාහ වීමටත් පෙර සියා සතුව පැවති බවකි. මෙවැනි චෝදනා පාර්ලිමේන්තුවෙන් පිට ප්‍රකාශ කළහොත් නිත්‍යානුකුලව කටයුතු කරන බවටද ඔහු අවධාරණය කර තිබිණ. එසේම කිංස්ලි නෙල්සන් මන්ත්‍රීවරයා පවසා තිබුනේ තමාට ඔය කියන ඉන්දන පිරවුම් හලක් නොමැතිබව පොළොන්නරුවේ අයකු වන කතානායක වරයා ද හොඳින්ම දන්නා කාරණයක් බවයි.




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...