උන්නැහේ ආණ්ඩුවෙ ලොකුම කන්තෝරුවකටත් ආව වැදගත් හමුවීම් කිහිපයකට.
ඉතින් මේ අවස්ථාවේ ඉතාම රසවත් සිදුවීමක් වුණාලු.
මේ විදේශීය අමුත්තා එතැන තිබුණු සාකච්ඡාවේදී කතා කරන්නේ එයාගේ රටේ භාෂාවෙන්. අපේ රටේ අය කතා කරන්නෙ සිංහලෙන්.
එතකොට මේවා පරිවර්තනය කරන්න ඕනෙ බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
කොහොම හරි මේ ගරුකටයුතු අමුත්තා එන්න ටික වෙලාවකට කලින් භාෂා පරිවර්තකයො එහෙම ඇවිල්ල පරිවර්තන කටයුතුවලට ලෑස්ති වුණා.
නමුත් එයාලා කරන පරිවර්තන අනෙක් අයට සවන් දෙන්න ඕනෙ කරන උපකරණ (හෙඩ් ෆෝන්) නැති බව තේරුණේ අන්තිමට.
කිසි කෙනෙක් ඒ ගැන මුලින් හොයලා බලලා තිබුණේ නැතිලු.
මේක ලොකු අත්වැරදීමක් වුණත් කොළේ ඉරාගන්නෙ නැතුව වැඩේ කරගන්න ක්‍රමයක් හදිසියට සොයන්න වුණා.
මේ ගැන දසඅතේ කල්පනා කරපු එක්තරා ලොක්කකුට එකපාරටම ගණදෙවි නුවණක් පහළ වුණා.
ඒ අනුව එතන හිටපු නිලධාරියෙක් ළඟ තැනකට යවලා එතන තිබුණු කඩේකින් හෙඩ් ෆෝන් ටිකක් අරන් ආවා.
අන්තිමට ඒ හෙඩ් ෆෝන් ටික ටක් ටක් ගාල මාට්ටු කරල වැඩේ යන්තමට කරගත්තලු.
කොහොම වුණත් ඒ වගේ වැදගත් විදේශ අමුත්තෙක් එනකොට සොයා බැලිය යුතු දේ සොයා බැලුවේ නැත්තේ කවුද කියන එක ගැන කිසිම පියවරක් ගත්තේ නැතිලු.
ඒක වුණේ ලොකුම කෙනෙක්ගෙ වරදක් නිසා හින්ද කවුරුත් ඒ ගැන කතා කරන්න ගියේ නැති බවයි ඔය කන්තෝරුවේ පොඩ්ඩෝ කියන්නෙ.
ඕක අපේ අතින් වුණා නම් පහත් තැනින් යයි ගලා ජලේ කියලා පොඩ්ඩො රහසින් කිව්ව බවත් අපට ආරංචියි.
| deshaya
ආණ්ඩුවෙ ලොකුම කන්තෝරුවක හෙඩ්ෆෝන් හුටපටය!
T
The Leader Desk
April 26, 2025 • 3:21 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පහුගිය දවසක මේ රටට වැදගත් විදේශීය අමුත්තෙක් ආවා කියමුකෝ.
- එතකොට මේවා පරිවර්තනය කරන්න ඕනෙ බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
- නමුත් එයාලා කරන පරිවර්තන අනෙක් අයට සවන් දෙන්න ඕනෙ කරන උපකරණ (හෙඩ් ෆෝන්) නැති බව තේරුණේ අන්තිමට.
- කිසි කෙනෙක් ඒ ගැන මුලින් හොයලා බලලා තිබුණේ නැතිලු.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


