The Leader News
BREAKING
Top Ad
Gossip

සජබ ආසන සංවිධායකවරු රොත්තක් ඉල්ලා අස්වේ ! - රෝහිනී ලිපියක් ලියා විදේශගත වේ !!

T

The Leader Desk

May 25, 2025 • 9:52 AM

සජබ ආසන සංවිධායකවරු රොත්තක් ඉල්ලා අස්වේ ! - රෝහිනී ලිපියක් ලියා විදේශගත වේ !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් පාලන ආයතන සඳහා සභිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් සජබ ආසන සංවිධායකවරු රැසක් මේ වන විට ඉල්ලා අස්වී ඇත.
  • රත්තොට හා මාතලේ සංවිධායකවරුන් වන රංජිත් අලුවිහාරේ සහ වසන්ත අලුවිහාරේ සහෝදරයින් ද ඉල්ලා අස්වී ඇතැයි ප්‍රකාශ කළ නමුත් ඔවුන් ඒ බව මේ දක්වාම පක්ෂයට දැනුම් දී නැතැයි සජබ ආරංචි මාර්ග පවසයි.
  • බද්දේගම හා ගාල්ල පලාත් පාලන ආයතනයන් හි නිර්ණායක දෙකක් යටතේ සජබ පත්වීම් සිදු කර ඇතැයි බන්දුලාල් බණ්ඩාරිගොඩ සිය ඉල්ලා අස්වීමට හේතු දක්වා ඇත.
  •   බණ්ඩාරවෙල සංවිධායක චමින්ද විජේසිරි ගේ සහෝදරයාට මන්ත්‍රී ධූරය ලබා නොදීම නිසා ඇති වූ ගැටුම් හේතුවෙන් ඔහු පක්ෂ නායකත්වය සහ පක්ෂ මහලේකම්වරයා දැඩි විවේචනයට ලක් කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාල්ල බද්දේගම සංවිධායක බන්දු ලාල් බණ්ඩාරිගොඩ, හොරොව්පතාන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල සංවිධායක චම්පක විජේරත්න, බණ්ඩාරවෙල සංවිධානයක චමින්ද විජේසිරි, නුවරඑළිය සංවිධායක අශෝක සේපාල මෙසේ ඉවත්වී ඇති සංවිධායකවරුන් ය.

රත්තොට හා මාතලේ සංවිධායකවරුන් වන රංජිත් අලුවිහාරේ සහ වසන්ත අලුවිහාරේ සහෝදරයින් ද ඉල්ලා අස්වී ඇතැයි ප්‍රකාශ කළ නමුත් ඔවුන් ඒ බව මේ දක්වාම පක්ෂයට දැනුම් දී නැතැයි සජබ ආරංචි මාර්ග පවසයි.

බද්දේගම හා ගාල්ල පලාත් පාලන ආයතනයන් හි නිර්ණායක දෙකක් යටතේ සජබ පත්වීම් සිදු කර ඇතැයි බන්දුලාල් බණ්ඩාරිගොඩ සිය ඉල්ලා අස්වීමට හේතු දක්වා ඇත.  

බණ්ඩාරවෙල සංවිධායක චමින්ද විජේසිරි ගේ සහෝදරයාට මන්ත්‍රී ධූරය ලබා නොදීම නිසා ඇති වූ ගැටුම් හේතුවෙන් ඔහු පක්ෂ නායකත්වය සහ පක්ෂ මහලේකම්වරයා දැඩි විවේචනයට ලක් කර තිබුණි.

හොරොව්පතාන සංවිධායක අනුර බුද්ධික ඉල්ලා අස්වී ඇත්තේ ඉහළම මනාප ප්‍රතිශතය ලබාගත් පුද්ගලයින් පත් කරන බව ප්‍රකාශ කරනු ලැබූව ද, එම නිර්ණායක වෙනස් කිරීමට දිස්ත්‍රික් නායකයා සහ පක්ෂ නායකත්වය කටයුතු කර ඇති බව පවසමිනි.

 

නුවරළිය දිස්ත්‍රික්කයේ පත් කරන සියළුම මන්ත්‍රී ධූර මනෝ ගනේෂන්, දිගම්බරම් විසින් ලබාගෙන ඇත. එහි පත් කිරීම් සඳහා කිසිදු සජබ සමාජිකයෙකු පත් කිරීමට පක්ෂයට හැකිවී නැත. සජබ විසින් ප්‍රකාශයට පත් කළ කිසිදු නිර්ණායකයක් පටහැනි ලෙස නුවරඑළිය පළාත් පාලන ආයතනයන් හි පත්කිරීම් සිදු කර ඇත.

 

මාතලේ දිස්ත්‍රික්ක නායිකා රෝහිණී කවිරත්න රත්තොට නාමයෝජනා සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් නාමයෝජනා සමයේ දී ම මාතලේ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂය වෙත යොමු කර තිබුණි. නමුත් එය පක්ෂය විසින් බාර ගෙන නොතිබුණි.

රංජිත් අලුවිහාරේ විසින් සජබ කාර්යාලයේ දී සජබ මහලේකම්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඉල්ලා ඇත්තේ ලග්ගල නාඋල ස්ථිර පදිංචි සජබ සම්මුඛ පරීක්ෂණ සඳහා දඹුල්ල ආසනයට ඉදිරිපත් වූ, අචලා රාජකරුණා ට උකුවෙල සභික ධූරය ලබාදිය යුතු බවයි. උකුවෙල වැඩිම මනාප ප්‍රතිශතය ලැබූ පුද්ගලයාට සභික ධුරය අහිමි කර ඇත.

ලැයිස්තුවේ මනාප ප්‍රතිශතය අනුව පස්වන ස්ථානයේ සිටින නදිත් පෙරේරා (රත්තොට) පත් කිරීමට රංජිත් අලුවිහාරේ ගේ බලපෑම හේතුවෙන් සජබ කටයුතු කර ඇත.  

දඹුල්ල සංවිධායකවරයාගේ ආශිර්වාදයෙන් ප්‍රාදේශීය සභාවට පත් කිරීමට නියමිතව තිබුණේ හිටපු විපක්ෂ නායක සහ දිස්ත්‍රික් සංවිධායක සමන් මොරේමඩ ය.  ඔහු මනාප ප්‍රතිශතය අනුව දෙවන ස්ථානයට පත් ව තිබුණේ සියයට දශම දෙකකිනි.  රංජිත් අලුවිහාරේ ගේ බලපෑම මත, මොරේමඩ ඉවත් කර ලැයිස්තුවේ පහලින්ම සිටි ප්‍රියරංජන පත් කිරීමය.

 

මාතලේ ගැටුම් උත්සන්න වෙද්දී, දිස්ත්‍රික් නායක රෝහිණී කවිරත්න අද දහවල් විදේශගතවී ඇත. පක්ෂය විසින් සකස් කළ නිර්ණායකයන් සහ එකඟතාවයන්ට පිටින් කටයුතු කිරීම පිළිබඳ තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ඇය විදේශගතවීමට පෙර පවසා ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...