The Leader News
BREAKING
Top Ad
Gossip

සෙක්ස් සහ දේශපාලනය - රුහුනේ රස කතා

T

The Leader Desk

June 27, 2025 • 10:04 AM

සෙක්ස් සහ දේශපාලනය - රුහුනේ රස කතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චින්තන ධර්මදාස පහුගිය දිනයක රුහුණු විශ්ව විද්‍යාලයට ගිහින් තියෙනවා. ඒ ලිංගිකත්වය සහ දේශපාලනය ගැන කතාවක් කරන්න.
  • මොකද මම ඊට පස්සේ හිතුවා මොනවා වුනත් චින්තන ධර්මදාස වගේ කෙනෙක් අභිමුඛ වෙන එකෙන් ඔය වගේ එකක ඉන්න ශිෂ්‍යයෙකුට ඕවයේ උගන්වන අයට වඩා කම්පනයක් හරි ඇති කරයි කියල!
  • ඒකෙන් මට සිහිපත් කළේ මේවායේ උගන්නන අය - සාතිශය බහුතරයක් - ඇත්තටම චින්තන ධර්මදාස වගේ කෙනෙකුට කරන්න පුළුවන් විදියේ බුද්ධිමය කැළඹීමක් ඇති කරන්න පුළුවන් අයවත් නෙමෙයි කියන කණගාටුදායක සත්‍යය.
  • 90 දශකයේ අවසානයේ දී X කණ්ඩායම කළ ආකාරයේ විචාරයක් නැවත අවශ්‍ය වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙම ගිහින් ඇවිත් ඔහු මෙහෙම පෝස්ට් එකක් දානවා.

‘සෙක්ස් සහ දේශපාලනය ගැන රුහුණු විශ්ව විද්‍යාලයේ පැය දෙකකට ආසන්න කාලයක් කතා කරන්න ලැබීම විශේෂයි. ඒ වගේ දෙයක් ගැන කතා කරන්න නිදහසක් රුහුණෙන් ලැබීම වඩාත්ම විශේෂයි. ඒ ගැන සහභාගි වුනු තරුණ තරුණියන් දක්වපු උනන්දුව විශේෂයි. ඒ වෙනුවෙන් මේ වගේ පුපුරනසුලු සාකච්ඡාවක් සංවිධානය කරපු ඉන්දි අකුරුගොඩ අංශාධිපතිතුමියට විශේෂයෙන් ගෞරවය හිමිවෙන්න ඕන’

(චින්තන ධර්මදාස)

WhatsApp Image 2025 06 27 at 12.27.25 PM

 

WhatsApp Image 2025 06 27 at 12.29.39 PM 1

 

ඒකට බටහිර ඉවුරේ දර්ශනය මෙහෙයවන වංගීස සුමනසේකර එයාගෙ පිටුවෙ මෙහෙම ප්‍රතිචාරයක් දක්වනවා.

‘මේක දැක්කම ආපු පළමු හැඟීම වුනේ අපේ රටේ විශ්ව විද්‍යාල වැටිලා තියෙන තත්වය ගැන කණගාටුවක්. නමුත් මාව වැඩියෙන්ම කණගාටුවට පත් කළේ ඊට පස්සේ හිතුන එක. මොකද මම ඊට පස්සේ හිතුවා මොනවා වුනත් චින්තන ධර්මදාස වගේ කෙනෙක් අභිමුඛ වෙන එකෙන් ඔය වගේ එකක ඉන්න ශිෂ්‍යයෙකුට ඕවයේ උගන්වන අයට වඩා කම්පනයක් හරි ඇති කරයි කියල! මම වඩාත් කණගාටු වුනේ මේ මට නොදැනුවත්ව ආපු දෙවෙනි සිතුවිල්ලට. ඒකෙන් මට සිහිපත් කළේ මේවායේ උගන්නන අය - සාතිශය බහුතරයක් - ඇත්තටම චින්තන ධර්මදාස වගේ කෙනෙකුට කරන්න පුළුවන් විදියේ බුද්ධිමය කැළඹීමක් ඇති කරන්න පුළුවන් අයවත් නෙමෙයි කියන කණගාටුදායක සත්‍යය.

බුද්ධිමය ආධිපත්‍යය තියෙන විශ්ව විද්‍යාල වල ඉන්නේ බුද්ධිමය ධාරිතාවයක් නැති මිනිස්සු. ඒ නිසා අපේ රටේ අලුත් අදහස් ස්ථාපිත කරන්න මේ ආයතන වල ආධිපත්‍යය පුපුරුවා දාන්න ඕන. මේවායේ මිත්‍යාව හෙළිදරව් කරන්න ඕන. 90 දශකයේ අවසානයේ දී X කණ්ඩායම කළ ආකාරයේ විචාරයක් නැවත අවශ්‍ය වෙනවා. මේක X කණ්ඩායම කළ ප්‍රචණ්ඩ ආකෘතියෙන් අද කරන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ. මේකට නව ආකෘතියක් හොයා ගන්න ඕන. අලුත් අදහස් සමාජයට එකතු කරන්න අරගල කරන අයට තිබෙන මූලික අභියෝගයක් මේක’.

WhatsApp Image 2025 06 27 at 12.57.26 PM

 

ඔන්න ඒකට රුහුණු විශ්ව විද්‍යාලයේම කතිකාචාර්යවරයෙක් වන දර්ශන ලියනගේ මෙහෙම කමෙන්ටුවක් දානවා.

‘මම ඔය විශ්වවිද්‍යාලයේ ආචාරයවරයෙක් වග ඔයා දන්නවා නේ..... දැනගෙන ඕන කමින් නො ගිහින් හිටියේ කාරනා කිහිපයක් නිසා:

1. ඔතෙන්ට ගියා නම් මට අනිවා පැටලෙන්න වෙනවා

2. අන්තිමට ඕක චින්තන සහ මා අතර ගේමක් වෙනවා

3. මේක UNP යාළුකම් ඇතුළේ හැදිච්ච ඉවෙන්ට් එකක් නිසා හුදෙක් ඇකඩමික් ම නෙවෙයි.

4. මොනා උනත් යාලුවෙක් වෙන Indi තරහ කරගන්නේ මොකටද කියල හිතුන. (කෝමත් UNP ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන එකේ යාලුවෝ නැති කර ගන්නේ ඇයි?)

5. සමහර අවස්ථා තියෙනව නටන උන්ට දාන නැටුම් ඔක්කොම දාල ඉවර කරන්න දෙන්න ඕනි... මේක එහෙම එකක්...නටල ඉවර කරපංකෝ Chinthana Dharmadasa ...ඊට පස්සේ ආයිමත් චාන්ස් ඉල්ලන්න එපා!’

(දර්ශන ලියනගේ)

 

මේ අතර කෙමිස්ට්‍රි උගන්නන චරිත දිසානායක එයාගෙ පිටුවෙ මෙහෙම පෝස්ටුවක් දානවා.

‘මට නං චින්තා වංගීසට වඩා දෙයක් කරපු වගේම කරමින් ඉන්න මිනිහෙක්’
(චරිත දිසානායක)

 

ඒක ගැන බටහිර ඉවුරේ දර්ශනය පැත්තෙන් වංගීස නැවත මෙහෙම කියනවා.

Charitha Dissanayake මහතාට අනුව චින්තන ධර්මදාස කර ඇති එකතු කිරීම විශාල වේ. එය කුමක්ද කියා ඔහුට තවමත් කිව නොහැකි වීම අවාසනාවකි!

WhatsApp Image 2025 06 27 at 12.59.36 PM

 

මේ අතර චින්තන ධර්මදාස මෙහෙම කියනවා.

''අනේ මංද බං. මං විස්ස විජ්ජාලෙකට ගියොත් බටහිර ඉවුර කැළඹෙනවා. මට හචිමක් ගියොත් වම් ඉවුර කැළඹෙනවා''
(චින්තන ධර්මදාස)

WhatsApp Image 2025 06 27 at 1.01.24 PM

 

මේ පිළිබඳ උණුසුම් පුවත් ලද විගසින් ඔබ වෙත ගෙන එන්නම්. රැදෙන්න අප සමග

සබැඳි පුවත :

සෙක්ස් සහ දේශපාලනය - චින්තන ධර්මදාසගේ දේශනයක් ජුනි 25 රුහුණු සරසවියේදී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...