ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පමණ මෙලෙස රඳවාගෙන තබාගන්නේ මතුගම ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා වන රැස්වීම අද (30) පැවැත්වීමට නියමිතව තිබියදී ය.
ජගත් විතාන මන්ත්‍රීවරයාට අයත් හොරණ- මතුගම පාරේ නෑබඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහ ගෙදර මෙලෙස මන්ත්‍රීවරුන් රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වේ. ඔවුන්ගේ ජංගම දුරකතන සියල්ල ද අදාල මන්ත්‍රීවරයා විසින් ලබාගෙන ඇති අතර, මේ වනවිට අදාල මන්ත්‍රීවරුන් කිසිවෙක්ට බාහිර සමාජය සමග ගනුදෙනු කළ නොහැකි ආකාරයට හුදෙකලා කර තිබේ.
ප්‍රාදේශිය සභාවල බලය පිහිටුවීම සඳහා ජගත් විතාන මන්ත්‍රීවරයා ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ගත් සමග ස.ජ.බ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඔහුට එරෙහිව කටයුතු කිරීම පසුගිය දිනවල දකින්නට ලැබුණි. ඇතැමුන් සඳහන් කරන පරිදි ස.ජ.බ යට වැඩි බලයක් තිබුණු පාලින්ද නුවර ජාතික ජන බලවේගය ජයගන්නේ ද ජගත් විතානගේට ඇති විරෝධය නිසාවෙන් මය.
විශේෂයෙන්ම ස.ජ.බ බලයට පිහිටුවන බවට ඔහු විසින් සනාථ කර තිබූ ප්‍රාදේශිය සභා කිහිපයක්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ එවැනි පසුබිමකය. එහෙත් එ.ජා.ප ය විසින් මදුරාවල ප්‍රාදේශිය සභාව බලය පිහිටුවනු ලැබීය.
අද පැවැත්වීමට නියමිත මතුගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කරගැනීමේ ඡන්දයේදී, ජගත් විතානට විරෝධය පා ස.ජ.බ මන්ත්‍රීවරුන් ජාතික ජන බලවේගය ට සහය දැක්වීමේ සූදානමක් ඇති බවට දැනගන්න ලැබීමත් සමග එය වැලැක්වීමේ අරමුණින් මෙලෙස ස.ජ.බ මන්ත්‍රීවරුන් නිවාස අඩස්සියේ තබාගෙන ඇති බව පැවසේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මතුගම ප්‍රාදේශිය සභාව ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කරනු ලැබුව ද, ඔවුන්ට හිමිවුණේ මන්ත්‍රීධූර 33න් 13ක් පමණි. සමගි ජන බලවේගයට මන්ත්‍රීධූර 10ක් හිමිවිය.
කෙසේවුවද ඊයේ තමන්ගේ මන්ත්‍රීවරුන් පිරිවර ගත් ජගත් විතාන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් පවත්වමින්, තමා මන්ත්‍රීවරුන් හිර අඩස්සියේ තබාගෙන සිටින බවට ප්‍රතිවාදීන් නගන චෝදනා වලට ප්‍රතිචාර දැක්විය.



