ඊට හේතු වී ඇත්තේ බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේදී මාලිමාව සමඟ සමගි ජන බලවේගය ඒකාබද්ධ වී ක්‍රියා කිරීම බව පැවසේ.
ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරන පරිදි, මේ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කිහිපදෙනෙකු හිටපු ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ එකතු කිරීමට ගත් ක්‍රියාමාර්ගය නිසා තම පක්ෂද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට සඳහන් කර ඇත.
බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේ දී ඡන්ද තුනක් තිබූ ජාතික ජන බලවේගයට සභාපති ධුරයත් ඡන්ද හයක් තිබූ සමගි ජන බලවේගයට උප සභාපති ධුරයත් පිරිනැමීම එම පක්ෂ දෙක අතර කිසියම් අවබෝධතාවයක ප්‍රතිඵලයක් බවට පක්ෂ නායකයන් කරුණු දක්වා ඇතැයි ද පැවසේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කැබිනට් අනු කාරක සභාවක් පත් කිරීමෙන් පසුව සමගි ජන බලවේගය මාලිමා ආණ්ඩුවට හොඳටම හීලෑ වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් රනිල් වික්‍රමසිංහ ට කෙලින්ම ප්‍රකාශ කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
මේ පසුබිම යටතේ පළාත් පාලන ආයතන වල බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ ගත් පියවර නිෂ්ඵල තත්ත්වයට පත්ව ඇතැයි ද විපක්ෂයේ පක්ෂ නායකයෝ මැසිවිලි නගමින් සිටින බවද පැවසේ.
ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරි දින වලදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ කරුණු සාකච්ඡා කිරීමට අදහස් කර සිටින බව වාර්තාවේ.
සමගි ජන බලවේගය ක්‍රියා කරන්නේ හරියට ආණ්ඩුවේ කොටසක් හැටියට බව පෙනෙන්නේ යැයි ද විපක්ෂයේ පක්ෂ නායකයන් සඳහන් කර ඇතැයි පැවසේ.




