පහුගිය සිකුරාදා කවුන්සිලයේ තිබුණේ ශෝක ප්‍රකාශ යෝජනා. මේ යෝජනා අතරේ ගාමිණී ලොකුගේ, පි. දයාරත්න වගේම හිටපු මන්ත්‍රී සේගු ඉසදීන් ගේ ශෝක යෝජනාවත් තිබූණ.
ඔන්න ඉතින් මන්ත්‍රීතුමා කතාව පටන් අරන් අර මුලින් කිව්ව දයාරත්න, ලොකුගේ වගේ අය ගැන දන්න සිංහලෙන් කතා කළා.
ඊට පස්සේ ආවේ සේගු ඉසදීන් මන්ත්‍රීතුමාගෙ කතන්දරේ. ඒක උන්නැහේ කියන්න ගත්තේ දෙමලෙන්. සේගු ඉසඳීන් ගේ නම කිව්වා විතරයි කවුන්සිලයේ ඔක්කොම නිශ්ශබ්ද වෙලා, මොකක්ද කියන්නේ කියලා අහන් හිටියා.
සේගු ඉසදීන්
එයා හොඳ සේවයක් නැගෙනහිරට කළා කියලා කියන ගමන් ප්‍රභාකරනුත් වර්ණනා කලා. එයා කිව්වෙ මෙහෙමයි..
"දැන් බලන්න උතුරේ අපේ දෙයියෝ ප්‍රභාකරන් අපි ගැන බැලුවා වගේම සේගු හිටියනම් උන්නැහේ නැගෙනහිර පළාත ගැනත් බලනව. එච්චර විතරක් නෙවෙයි චෙමිමනි මිනී වල ගැනත් බලනවා. එතුමා ඒ කාලේ පත්තර වලටත් මේවා කියලා තිබුණා. මේ වගේ හොඳ කෙනෙක් අපි අතරින් වෙන් වුනා" ආදී වශයෙන් කතා කරමින් සේගු ඉසදීන් ගැන මැක්කගෙ කතාව වගේ ලොකු දේශනයක් කරන්න ගත්තා.
මෙයා සේගු ගැනත් ප්‍රභාකරන් ගැනත් මේ විදිහට කතා කරනකොට මුලසුනේ හිටපු නියෝජ්‍ය කාරක සභාපතිතුමිය ඔය කතාව නවත්තන්න හැදුවා. නමුත් අර්චුනා. නෙමෙයි නැවැත්තුවේ එයා කිව්වේ මම මාතෘකාවයි කතා කරන්නේ සේගු ඉසදීන් කියන්නේ වටින මනුස්සයෙක් හොඳ පරපුරක් හදාපු රටට විශාල සේවයක් කළ මනුස්සයෙක්. ඉතින් එයා ගැන කතා කරන එක වැරදිද? කියලයි ප්‍රශ්න කළේ.
එහෙම කියපු අර්චුනා සේගු ඉසඳීන් නිතර නිතර මතක් කරමින් ඒදිහට කතා කරන්නේ ඇයි කියන එක සභාවේ හැමෝටම තේරුණත් හැමෝම නොකර සද්ද බලන් හිටියා මිසක් කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නැහැල්ලු.




