The Leader News
BREAKING
Top Ad
Gossip

විපක්ෂ නායකයින් භෝජන සංග්‍රහයක

T

The Leader Desk

October 3, 2025 • 4:52 PM

විපක්ෂ නායකයින් භෝජන සංග්‍රහයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් සහ භෝජන සංග්‍රහයක් ඊයේ (ඔක්. 02) රාත්‍රීයේ දී කොළඹ ස්විමින් ක්ලබ්’
  • ඒ අනුව මේ අවස්ථාවට දේශපාලන පක්ෂ 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නායකයින් සහභාගී වී සිටි බව පැවසේ.
  • පීරිස් මෙම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී තම ස්ථාවරය පැහැදිලි කර සිටියහ.
  • ඊට අමතරව විපක්ෂයක් ලෙස ඒකාබද්ධව ඉදිරියේ දී ගන්නා ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පක්ෂ නායකයින්ගේ අදහස් පළකර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

හෝටලයේ දී පැවැත්විණි.

පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට සහභාගිවූ දේශපාලන පක්ෂ නායකයින්ට  ඒ සඳහා කැඳවීම් සිදුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යි.

ඒ අනුව මේ අවස්ථාවට දේශපාලන පක්ෂ 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නායකයින් සහභාගී වී සිටි බව පැවසේ.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වී සිටියේය,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී තම ස්ථාවරය පැහැදිලි කර සිටියහ.

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹ දී මහජන රැළියක්

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹදී මහජන රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් ද එහි දී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ඊට අමතරව විපක්ෂයක් ලෙස ඒකාබද්ධව ඉදිරියේ දී ගන්නා ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පක්ෂ නායකයින්ගේ අදහස් පළකර තිබිණ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ඉදිරිපත් වූ යෝජනා සියල්ලකට ම පාහේ එකඟත්වය පළකර ඇති අතර මෙම හමුව අතිශය ප්‍රයෝජනවත් සහ වැදගත් එකක් වූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...