ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත්තේ එම අමාත්‍යංශයේ සියලු සේවකයන් තමන්ට ප්‍රසිද්ධියේ ' ලේකම් සහෝදරයා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම බව අමාත්‍යවරයාට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
මේ ආකාරයට අමාත්‍යංශයේ රියදුරන් පවා ප්‍රසිද්ධියේ තමන්ට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් ආයතනික විනය පවත්වාගෙන යෑමට අපහසු බව හෙතෙම වැඩිදුරටත් ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.
ලේකම්වරයාගේ මේ පැමිණිල්ලට සවන් දුන් අමාත්‍යවරයා කියා ඇත්තේ සිය පක්ෂයේ සහෝදරවරුන් තමන්ටද අමතන්නේ "ඇමති සහෝදරයා" ලෙස බැවින් එය ඒහැටි ගණන් නොගන්නා ලෙසය.
අමාත්‍යවරයාගේ එම පිළිතුරෙන් කළකිරීමට පත් අමාත්‍යාංශ ලේකම්වරයා දැන් ස්ථාන මාරුවක් සොයමින් සිටින බව දැනගන්නට තිබේ.




