The Leader News
BREAKING
Top Ad
Gossip

මණ්ඩලේ නෝනලාට ටෙන්ඩර් රැස්වීම්වලට එන්න බැරි ලෙඩක්..

T

The Leader Desk

October 25, 2025 • 2:48 PM

මණ්ඩලේ නෝනලාට ටෙන්ඩර් රැස්වීම්වලට එන්න බැරි ලෙඩක්..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය අංශයේ ආයතනවලට බෙහෙත් මිලදීගන්න ටෙන්ඩර් මණ්ඩල ගණනාවක් පත් කරලා තියෙනවා.
  • ඊයේ හොඳ සනීපයට හිටපු අයට අද උනේ මොකක්ද කියලා ඇහුවම හුඟ දෙනෙක් කියන්නේ තමන්ට මාස් ශුද්දිය ඇති වෙලා කියලලු.
  • මේ විදිහට දිගින් දිගටම ටෙන්ඩර් මණඩල කල්යන නිසා ඉස්පිරිතාලවල පුදුම විදිහට බෙහෙත් හිඟයක් ඇතිවෙලා.
  • බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරුණත් ප්‍රජාතන්ත්‍රවාදය සුපිරියටම තියන නිසා බලේ ඉන්න අය සතුටින් ඉන්න බවයි පේන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ උනාට මේ මණ්ඩලවල ඉන්න අය තීරණ ගන්න මාර බයයිලු.

ඒකට හේතුව කවදා හරි මොනවා හරි පොඩි සුළු වරදක්වුණත් තමුන්ට හිරේ විලංගුවෙ වැටෙන්න වෙයි කියලා.

ඒ හින්දා මේවාට පත්කරපු දොස්තර නෝනලා සහ දොස්තර මහත්තුරු ටෙන්ඩර් බෝඩ් රැස්වෙන දවසට මොකක් හරි කියලා මග අරිනවාලු.  හුඟක්ම දොස්තර නෝනලා සමහර දවසට ටෙන්ඩර් මණ්ඩලයට නොඑන්න හේතුව හැටියට අසනීපයි කියල කියනවා ලු..

ඊයේ හොඳ සනීපයට හිටපු අයට අද උනේ මොකක්ද කියලා ඇහුවම හුඟ දෙනෙක් කියන්නේ තමන්ට මාස් ශුද්දිය ඇති වෙලා කියලලු. ඉතින් මොකද කරන්නේ. ටෙන්ඩර් මණ්ඩලය ඊළඟ මාසයට කල් දානවලු.

මේ විදිහට දිගින් දිගටම ටෙන්ඩර් මණඩල කල්යන නිසා ඉස්පිරිතාලවල පුදුම විදිහට බෙහෙත් හිඟයක් ඇතිවෙලා. සමහර ඉස්පිරිතාලවල ඉන්ජෙක්ෂන් කටුවක්වත් නැහැල්ලු. බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරුණත් ප්‍රජාතන්ත්‍රවාදය සුපිරියටම තියන නිසා බලේ ඉන්න අය සතුටින් ඉන්න බවයි පේන්නේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...