The Leader News
BREAKING
Top Ad
Gossip

රහස එළි වුණ හැටි...

T

The Leader Desk

October 29, 2025 • 5:51 AM

රහස එළි වුණ හැටි...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටුවේ ජාතික සංවිධායක උන්නැහේ පිටිපස්සේ මේ දවස්වල අමුත්තන් කට්ටියක් ගැවසෙනවාලු.
  • දවස් ගණනක් මේක බලන් හිටපු සංවිධායකතුමා එක දවසක් තමන් පස්සෙන් ආපු කෙනෙක් නවත්තලා බලනකොට එයා මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ උන්නැහේගෙ ආරක්ෂාවට හිටපු කෙනෙක් බව දැන ගත්තා.
  • ඔය වයසට මගෙත් එක්ක දුවන්නත් අමාරුයි නේද?
අකුරු ප්‍රමාණය (Font Size):


ඉතින් ඒගොල්ලෝ මෙයාගේ ළමයි ඉස්කෝලෙ ගෙනියන කොටත් පස්සෙන් යනවා කියලා ආරංචියි.

එච්චර විතරක් නෙමෙයි එයා හැමදාම උදේට ව්‍යායාමයට දුවන තැනටත් පස්සෙන් ඇවිල්ලා එයා පස්සෙන් දුවනවාලු.

දවස් ගණනක් මේක බලන් හිටපු සංවිධායකතුමා එක දවසක් තමන් පස්සෙන් ආපු කෙනෙක් නවත්තලා බලනකොට එයා මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ උන්නැහේගෙ ආරක්ෂාවට හිටපු කෙනෙක් බව දැන ගත්තා. ඊට පස්සේ පොඩි කතාබහක් ගිහින්..

"මම දැක්ක අන්කල් හැමදා වගේ මගේ පස්සෙන් එනවා. ඔය වයසට මගෙත් එක්ක දුවන්නත් අමාරුයි නේද? "කියල ඇහුවම

"අනේ මම දන්නේ නෑ ඉහළින් දෙන නියෝගනේ සර්  "කියල උත්තර දීලා.

"උදේ දුවනකොට මගේ පස්සෙන් එන්න එන්න විශේෂ හේතුවක් තියෙනවද " කියලා ඊළඟට අහලා.

එතකොට වටපිට බලාපු ආරක්ෂක නිලධාරියා මෙහෙම කිව්වලු

"සර් දුවනකොට සර් එක්ක ක්‍රීඩා අමාත්‍යංශයෙ ජයසුන්දර සහ සමන්ත කියල ලොක්කෝ දෙන්නෙක් දුවනවාද කියලා ඔත්තු බලන්නයි මට කියල තියෙන්නෙ." එහෙම කිවිව සිකුරිටි අංකල් "මට විශ්‍රාම ගන්නත් තව ටික දවසයිනේ තියෙන්නේ. ඔන්න කියන දෙයක් කරන් ඉන්නවා සර්" කියලා ටක් ගාල මාරු වුනාලු.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...