The Leader News
BREAKING
Top Ad
Gossip

විපක්ෂයේ පක්ෂ නායකයින්ට ජී.එල්. ගෙන් හදිසි කැඳවීමක් !

T

The Leader Desk

November 3, 2025 • 4:19 PM

විපක්ෂයේ පක්ෂ නායකයින්ට ජී.එල්. ගෙන් හදිසි කැඳවීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඵල්. පීරිස්ගේ නිවසට අද සවස 6.00ට විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ පක්ෂ
  • එල් .පීරිස් මහාචාර්යවරයාගේ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ජාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකම නායකයින් පැමිණ සිටින බව ද පැවසේ.
  • විශේෂයෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ අළුතින් පැන ඇති දේශපාලන කාරණා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව මෙම රැස්වීමට සහභාගිවීමට නියමිත විපක්ෂයේ ප්‍රබලයෙකු පැවසිය.
  • ඔහු පවසන්නේ නොවැම්බර් 21 වෙනි දින නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ "මහා ජනහඬ" රැළිය සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජිතයින් රැසක්ම කැඳවා ඇති බව වාර්තා වේ.

නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි ජී. එල් .පීරිස් මහාචාර්යවරයාගේ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ජාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකම නායකයින් පැමිණ සිටින බව ද පැවසේ.

විශේෂයෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ අළුතින් පැන ඇති දේශපාලන කාරණා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව මෙම රැස්වීමට සහභාගිවීමට නියමිත විපක්ෂයේ ප්‍රබලයෙකු පැවසිය.

ඔහු පවසන්නේ නොවැම්බර් 21 වෙනි දින නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ "මහා ජනහඬ" රැළිය සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

කෙසේවුවද මෙම ජන රැලියට සහභාගී නොවන බව සමගි ජන බලවේගය, විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ හා දිලිත් ජයවීර නායකත්වය දරන සර්ව ජන පක්ෂය දැනටමත් ප්‍රකාශකර ඇත.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...