The Leader News
BREAKING
Top Ad
Gossip

මාර වැරදීමක්...!!!

T

The Leader Desk

December 19, 2025 • 9:35 AM

මාර වැරදීමක්...!!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය දවසක ගංවතුර ඇවිල්ලා ඒ එක්කම නාය ගිහිල්ලා රටේ ලොකු ව්‍යසනයක් වුණා.
  • ඒකෙ උඩින්ම තිබුණේ කොවිඩ් කාලෙ හිටපු ජනාධිපතිගේ නියෝගයක් අනුව වහාම රාජ්‍ය සේවයට නිවාඩු දුන්න බව සඳහන් වූ ලිපියක් ලු..
  • ඒ අනුව රටේ  මහ කන්තෝරුවෙ එකඟතාවයත් ඇතුව වහාම රාජ්‍ය සේවකයන්ට නිවාඩුවක් දුන්න.
  • මේ විපැත්තිය අස්සේ රාජ්‍ය සේවයට නිවාඩු දුන් බව ප්‍රකාශයට පත්වීමත් සමග සමාජ මාධ්‍ය ලොක්කොත්, විපක්ෂවල ලොක්කොත් ආණ්ඩුවට ලොකු ප්‍රහාරයක් එල්ල කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වෙලාවේ  රටේ ලොකු මහත්තයා තමුන්ගේ ලේකම් සයිස් මහත්තයට කතා කරලා ඇහුවලු මොකද මේ වෙලාවේ රාජ්‍ය සේවයට කරන්න පුළුවන් කියලා. රටේ මහ කන්තෝරුවේ ලේකම් සයිස් මහත්තයත් වැඩේට ආධුනික තත්ත්වයක ඉන්න හින්දා උන්නැහේ ඒ ගැන උපදෙස් පැතුවෙ රාජ්‍ය පරිපාලනයේ ලොකුම පුටුවෙ වාඩිවෙලා ඉන්න ආලෝක මහත්තයාගෙන්ලු.

එතුමා මහ කන්තෝරුවෙන් අහපු මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔය වගේ අවස්ථාවල කලින් හිටපු පුරෝගාමීන් වැඩ කරල තියෙන විදිය කොහොමද කියල පැරැණි ලිපි ගොනුව ගෙන්නල බලලා ..

ඒකෙ උඩින්ම තිබුණේ කොවිඩ් කාලෙ හිටපු ජනාධිපතිගේ නියෝගයක් අනුව වහාම රාජ්‍ය සේවයට නිවාඩු දුන්න බව සඳහන් වූ ලිපියක් ලු..

ඒක දැකපු ආලෝක ලේකම් තුමත් තීන්දු කළේ මේ වගේ විපතකදී රාජ්‍ය සේවයට මුලින්ම නිවාඩු දෙන එක හොඳයි කියලාලු.

ඒ අනුව රටේ  මහ කන්තෝරුවෙ එකඟතාවයත් ඇතුව වහාම රාජ්‍ය සේවකයන්ට නිවාඩුවක් දුන්න. මේ විපැත්තිය අස්සේ රාජ්‍ය සේවයට නිවාඩු දුන් බව ප්‍රකාශයට පත්වීමත් සමග සමාජ මාධ්‍ය ලොක්කොත්, විපක්ෂවල ලොක්කොත් ආණ්ඩුවට ලොකු ප්‍රහාරයක් එල්ල කළා. කවුද මේ වගේ රාජ්‍ය සේවය උපරිමෙන් වැඩ කළයුතු වෙලාවක ආණ්ඩුවේ සේවකයන්ට නිවාඩු දෙන මරිමෝඩ තීරණය ගත්තේ කියලා.

මේක රටේ ලොකු මහත්තයට ආරංචිවුණා ලු. ඊට පස්සේ එයා තමන්ගේ ලේකම්ට ලොකු බර බරයක් දැම්මාලු මොලේ කල්පනා කරලා වැඩ කරේ නැතිඑක ගැන කියමින්.

ලොක්කගෙන් බැනුම් අහපු මහලේකම් ඊළඟට අනිත් පැත්තට ටෙලිෆෝන් එක අරන් රාජ්‍ය පරිපාලනේ ආලෝක උන්නැහේගෙ ආලෝකය නිවෙනකම්ම සම්බුව දුන්න කියලයි ආරංචි.

මේ කතාව රස කරල පහුගිය දවසක විපක්ෂයේ පක්ෂනායකයන්ට කිව්වේ රනිල් උන්නැහේලු...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...