The Leader News
BREAKING
Top Ad
Gossip

අද හෙටම තවත් ප්‍රබලයන් දෙතුන් දෙනක් ඇතුළට ?

T

The Leader Desk

December 26, 2025 • 11:39 AM

අද හෙටම තවත් ප්‍රබලයන් දෙතුන් දෙනක් ඇතුළට ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිසිය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු ලබන පරීක්ෂණ උපයෝගී කරගෙන දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිත දෙක තුනක් අත්අඩංගුවට ගැනීම උත්සාහයක් ක්‍රියාත්මකව පවතින බව ඉහළ පෙළේ නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
  • මේ හැර හිටපු ජනාධිපති ලේකම්වරයෙක් හා හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම්වරයකුද මෙම කණ්ඩායමට අයත් වන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.
  • අප වෙත වාර්තා වන ආකාරයට එම සිදුවීම සිදුව ඇත්තේ  පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
  • එවිට නාමල් පවසා ඇත්තේ "පුළුවන් නම් දමනවා මම යනවා නම් යන්නේ තමුසෙත් එක්ක.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සම්බන්ධව කියවෙන නම් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම් ඉහලින්ම සඳහන් වන බව වාර්තාවේ. මේ හැර හිටපු ජනාධිපති ලේකම්වරයෙක් හා හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම්වරයකුද මෙම කණ්ඩායමට අයත් වන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

පසුගියදා මෙයට සම්බන්ධ එක්තරා සිදුවීමකින් පසු මෙම ආරංචිය සීඝ්‍රයෙන් පැතිර යෑමට පටන්ගත්තේය. අප වෙත වාර්තා වන ආකාරයට එම සිදුවීම සිදුව ඇත්තේ  පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රජය විවේචනය කරමින් කරන ලද දැඩි ප්‍රකාශයකින් පසුව සභාගැබෙන් එළියට යද්දී ඔහු පසු පසින් පැමිණි ආණ්ඩුවේ ආරක්‍ෂාව සහ නීතිය සම්බන්ධ විෂයන්ට අදාළ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් නාමල්ට තර්ජනය කරමින් පවසා ඇත්තේ "තවත් මාසයක් ඇතුළත තමුසෙ ඇතුලට දමනවා" කියාය.

එවිට නාමල් පවසා ඇත්තේ "පුළුවන් නම් දමනවා මම යනවා නම් යන්නේ තමුසෙත් එක්ක. "කියාය.

මෙම වචන හුවමාරුව සිදුවෙද්දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ද ඒ අසල සිට ඇත.

එම සිදුවීමෙන් අනතුරුව විපක්ෂ ⁣ජ්‍යෙෂ්ඨයෝ මීට හේතු කවරේදැයි සොයා බලා ඇත. ඒ ඒ අවස්ථාවේ ආරංචිවී ඇත්තේ රනිල්, නාමල්, සමන් ඒකනායක සහ සුගීශ්වර බණ්ඩාර යන අය සම්බන්ධව දැඩි පියවරක් ගැනීමට ආණ්ඩුවේ වගකිව යුත්තන් ආරක්ෂක සහ නීති අංශ සමඟ සාකච්ඡා කොට ඇති බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...