ඒක දැනගත්ත එයාලගේ පිලේම ඉන්න එක්තරා හිටපු වීරයෙක් අර තරුණ නායකයා සිරගත වීමට නියමිත බැවින් එයාගේ පක්ෂයේ නායකත්වය පුරප්පාඩු වීමට නියමිත බව තමුන්ගේ සගයන්ට දැනුම් දුන්නලු.
එච්චර විතරක් නෙවෙයි අරයගෙන් පුරප්පාඩු වෙන තනතුරට සුදුස්ස තමුන් බවත් කියල ඉබේම මං පොර වෙලා කියලා ආරංචියි.
ඒ නිසා ඒ ගොල්ලන්ට හොරෙන් තමුන්ගේ තලවතුගොඩ පැත්තෙ තියෙන ගෙදරට මාධ්‍ය හිතවතුන් කීපදෙනෙක් ගෙනල්ල පොඩිමීටිමකුත් තිව්වලු.
එතෙනේදි උන්නැහේ මේ කතන්දරේ කියල වැඩේට බහින්න පොඩි සැලැස්මකුත් ඉදිරිපත් කළාලු. ඒකෙ තේමාව තමයි “මිලානවු ජාතියට නැවුම් බලාපොරොත්තුවක්'” කියන එක.
අරය හිරේට වැටුණු තමන්ගේ කැම්පේන් එක ඔය තේමාවෙන්ම පටන් ගන්න ඕන කියලත් කියල. ඒ සඳහා අවශ්‍ය බර පැන තමන් දරන බවත් කියලා අන්තිමට සතුට වැඩිකමට ගෙදර කිට්ටුව තියෙන මොනාක් එකෙන් කෑම ගෙනල්ලා රාත්‍රී භෝජනයකුත් අරගෙන සභා තුමෝ සතුටින් විසිර ගියාලු.
මල් පොහොට්ටුව පිපෙන්නත් කලින් මළ පුබුදුවන්න සැරසෙන මේ වගේ පොරවල් එක්ක ගමන පරිස්සමින් කියලා මේ සිද්ධියට පස්සෙ දවසේම අදාළ තැන්වලට තොරතුර වාර්තා කරපු අය දැනුම් දුන්නා..
| lankalokaya
මං පොර ජාතකයක්…
T
The Leader Desk
January 30, 2026 • 3:01 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විපක්ෂයේ ඉන්න තරුණ නායකයෙකුට පොලිසියෙන් කැඳවීමක් ලැබිලා.
- එච්චර විතරක් නෙවෙයි අරයගෙන් පුරප්පාඩු වෙන තනතුරට සුදුස්ස තමුන් බවත් කියල ඉබේම මං පොර වෙලා කියලා ආරංචියි.
- ඒකෙ තේමාව තමයි “මිලානවු ජාතියට නැවුම් බලාපොරොත්තුවක්'” කියන එක.
- ඒ සඳහා අවශ්‍ය බර පැන තමන් දරන බවත් කියලා අන්තිමට සතුට වැඩිකමට ගෙදර කිට්ටුව තියෙන මොනාක් එකෙන් කෑම ගෙනල්ලා රාත්‍රී භෝජනයකුත් අරගෙන සභා තුමෝ සතුටින් විසිර ගියාලු.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



