The Leader News
BREAKING
Top Ad
Gossip

'අපිට ආණ්ඩු බලය තිබුණට තාම රාජ්‍ය බලය නෑ' කියන කතාවේ යථාර්ථය ?

T

The Leader Desk

February 18, 2026 • 4:44 AM

'අපිට ආණ්ඩු බලය තිබුණට තාම රාජ්‍ය බලය නෑ' කියන කතාවේ යථාර්ථය ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති රනිල් සහ සමන් ඒකනායකට එරෙහිව ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' නඩුව මේ දිනවල දේශපාලන කරළියේ උණුසුම්ම මාතෘකාව වෙලා.
  • මේ තීරණාත්මක සාක්ෂියත් සමඟ ලබන අප්‍රේල් 29 දින කැඳවීමට නියමිත ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයේ මුල් පදනමම සුනුවිසුනු වී යාමේ දැවැන්ත නෛතික අර්බුදයකට පැමිණිලි පාර්ශවය මුහුණ දී සිටින බව නීති අංශවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
  • ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ "අධිකරණයට අත නොගසන" බවයි.
  • එය ප්‍රජාතන්ත්‍රවාදීව නිවැරදි ස්ථාවරයක් වුවත්, දේශපාලනිකව ඔවුන්ව අසීරුතාවයකට පත් කරන බවක් බැලු බැල්මට පෙන්න තියනවා කියලයි බුකියේ සමහරු කියන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


CIDය අධිකරණයට මෙම ගමන කිසිදු නිල ආරාධනාවකින් තොර "පෞද්ගලික ගමනක්" ලෙස වාර්තා කර තිබුණත්, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ලේකම්වරියගේ ලිපියකින් මේවනවිට හෙළි වෙලා තියන්නේ  එය "නිල ආරාධනාවක් (Officially)" මතම සිදුවූවක් බවයි.

මේ තීරණාත්මක සාක්ෂියත් සමඟ ලබන අප්‍රේල් 29 දින කැඳවීමට නියමිත ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයේ මුල් පදනමම සුනුවිසුනු වී යාමේ දැවැන්ත නෛතික අර්බුදයකට පැමිණිලි පාර්ශවය මුහුණ දී සිටින බව නීති අංශවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මේ සිදුවීමත් සමඟ අමාත්‍ය ලාල් කාන්ත නිතර කියන "අපිට ආණ්ඩු බලය තිබුණට තාම රාජ්‍ය බලය නෑ" කියන කතාවේ යථාර්ථය දේශපාලන කවයන්හි දැන් මනාව පැහැදිලි වෙමින් පවතිනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ "අධිකරණයට අත නොගසන" බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදීව නිවැරදි ස්ථාවරයක් වුවත්, දේශපාලනිකව ඔවුන්ව අසීරුතාවයකට පත් කරන බවක් බැලු බැල්මට පෙන්න තියනවා කියලයි බුකියේ සමහරු කියන්නේ.

"මන්ද, ශානි අබේසේකරලා වැනි අයගේ මූලිකත්වයෙන් දුර්වල පරීක්ෂණ මත ගොනු කරන නඩු අධිකරණයෙන් නිශ්ප්‍රභා වුවහොත් , "හොරු ඇල්ලීමේ" සටන් පාඨය මත බලයට ආ ආණ්ඩුවට මහජනතාවට පිළිතුරු දීමට සිදුවන නිසා.

ඒවගේම පෙර පාලන සමයේ පත්කළ නීතිපතිවරයා ඇතුළු පැරණි 'රාජ්‍ය යාන්ත්‍රණය' විසින් මෙලෙස දුර්වලව හා නෛතික දෝෂ සහිතව ගොනු කරන නඩු අධිකරණයෙන් විසි වී ගියහොත්, එහි සම්පූර්ණ දේශපාලනික ප්‍රහාරය එල්ල වන්නේ වත්මන් මාලිමා 'ආණ්ඩුවට...

පැරණි රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතා හමුවේ අලුත් ආණ්ඩුවට දේශපාලනිකව වගකීමට සිදුවීම, මාලිමාව මේ මොහොතේ මුහුණ දෙන බරපතලම දේශපාලන උභතෝකෝටිකයක් බව විචාරකයින්ගේ අදහස..

මේ නිසා මෙම 'වුල්වර්හැම්ප්ටන්' නඩුව හුදෙක් මුදල් අවභාවිතයක් පිළිබඳ කාරණයක් පමණක් නොවේ. එය ලංකාවේ අලුත් 'ආණ්ඩුව' සහ පරණ 'රාජ්‍ය යාන්ත්‍රණය' අතර පවතින නොපෙනෙන ගැටුම එළියට දැමූ කදිම අවස්ථාවක්..

අප්‍රේල් 29 වනදා අධිකරණයේ සිදුවන දේ මත මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග බොහෝ දුරට තීරණය වනු ඇති කියල ඇතැම් බුකිවාසීන් කියන්න පටන් අරන්..

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...