The Leader News
BREAKING
Top Ad
Gossip

ඇල්ලේ ගුණවංශ හිමි, තිස්ස විතාරණගේ මළ ගෙදරදී කියපු කතාව !

T

The Leader Desk

February 20, 2026 • 6:39 AM

ඇල්ලේ ගුණවංශ හිමි, තිස්ස විතාරණගේ මළ ගෙදරදී කියපු කතාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ වාමාංශික ව්‍යාපාරයේ හිටපු තවත් දැවැන්තයෙක් පහුගිය සතියේ දැයෙන් සමු ගත්තා.
  • ඕක තියෙන්න ප්‍රතිපත්තියක් තියෙන්න එපායැ...." "සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ..." ඔය වෙලාවෙ සම සමාජ පක්ෂයෙ කීප දෙනෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ සමග කතා කළා...
  • අපි ළඟදිම හම්බවෙන්න ඕන හාමුදුරුවනේ.
  • "වනස්පති" බවට පත්වෙච්ච අරටුව ඇති හඳුන් ගස් හිඟයි......
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ තමයි ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නියමුවකු වන මහාචාර්ය තිස්ස විතාරණ.

ඒ මළ ගෙදරත් මේ රටේ දේශපාලඥයෝ විශාල පිරිසක් පක්ෂ බේදයකින් තොරව එක්රැස්වුණු තැනක්... ඒ විතරක් නෙවෙයි දේශපාලන කරළියේ ප්‍රභූ පවුල් පරම්පරාවල් ගණනාවකටම සම්බන්ධකම් තිබුණු පුරුකක් තමයි තිස්ස විතාරණ...

ජනාධිපති අනුර කුමාර දිසානායකත් ඉන්දියානු සංචාරය ආරම්භ කරන්නට පෙර ඔය මළ ගෙදරට ගොඩ වැදුනා අපිට මතකයි...

බෞද්ධාලෝක මාවතේ ධර්මාරාමාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝත් මේ මළ ගෙදරට සහභාගි වුණා. මොකද උන්වහන්සේත් නිතර ඇසුරු කළ, නිතර ධර්මායතනයට ගොඩවදින්න පුරුදු වෙලා හිටපු කෙනෙක් තමයි ඒ...

හාමුදුරුවෝ මළ ගෙදරට ගොඩවදිනකොටම දුවගෙන ආවේ හිටපු ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ කෙනෙක්. ආරිය රූබසිංහ. හාමුදුරුවන්ගේත් හොඳ මිත්‍රයා... කොහොමද ආරි.. කියල පිටට තට්ටුවක් දාලා කතා කළේ... එතකොටම මහාචාර්ය තිස්ස විතාරණ විතාරණගේ පුතු ඇවිත් ආචාර සමාචාර කොට පිළිගත්තා...

මොකද අපේ හාමුදුරුවනේ රටට වෙන්නේ...

"රටට අමාරුයි තමයි. නොවිය යුතු දේවල් වෙනවා. හැබැයි මේගොල්ලෝ එක්ක ගැටුම් හදාගෙන මේක විසඳ ගන්නබෑ. බුද්ධිමත් සංවාදයකින් මේගොල්ලෝ හරි පැත්තට හරව ගන්න එක විතරයි පුළුවන්. එහෙම නැතුව ගැටුමට ගියොත් මෙයාලත් ගැටෙනවා. එහෙම උනාම ප්‍රශ්න විසින් ප්‍රශ්න යටපත් කරනවා. ඒ වෙනුවට අලුත් ප්‍රශ්න එනවා... "

 ''වාසුගේ හිතේ හයියයි කටේ හයියයි නැතිවෙලා නෑනේ''

වටේ පිටේ දේශපාලනඥ මුහුණු ගොඩයි. වාසුදේව තරමක් අමාරුවෙන් ඇවිත් හාමුදුරුවන්ට කතා කළා...

"හාමුදුරුවනේ මට හිටගෙන ඉන්න අමාරුයි... මට චුට්ටක් අරහෙන් වාඩිවෙලා ඉන්න අවසර..."

වාසු එහෙම කියනකොට ඇල්ලෙ හිමියෝ කිව්වේ...

"ඒකට මොකද... ගතේ හයිය නැති වෙනවා. ඒ උනාට වාසුගේ හිතේ හයියයි කටේ හයියයි නැතිවෙලා නෑනේ...ඒ තමයි වාමාංසිකයින්ගේ ගතිය..."

"මං නිතරම කියන්නේ ආරි... මේ වාමාංශික පක්ෂ තියෙනව නේද අපේ පැරණි...! මේවා හරියට අපි අපේ රජමහා විහාර වගේ රකින්න ඕන. මොකද මේවයි තමයි අපි වාමාංශික දේශපාලනය සංස්කෘතික වටිනාකම ඉතුරු වෙලා තියෙන්නේ. ඒක දේශපාලනේ යහ පැවැත්මට අවශ්‍යයි. අද නූතන හුඟක් පක්ෂවල ඕක නෑ. ඕක තියෙන්න ප්‍රතිපත්තියක් තියෙන්න එපායැ...."

"සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ..."

ඔය වෙලාවෙ සම සමාජ පක්ෂයෙ කීප දෙනෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ සමග කතා කළා...

අපි ළඟදිම හම්බවෙන්න ඕන හාමුදුරුවනේ. ගැටළු ටිකක් තියෙනවා කතා කරලා විසඳගන්න. පක්ෂය ආයෙ ශක්තිමත් කරගන්න ඕන...

ඔහොම තමයි කතා බහ. තිස්ස විතාරනගේ නාවල ගෙදරින් බාගයක් දේශපාලන කටයුතුවලට පක්‍ෂයට පවරලා කියලයි ආරංචිය. හැබැයි ඒක නෛතිකව පැවරිලා නෑලු. තිස්සට තියෙන වාහන හතරෙන් තුනක්ම පක්ෂෙට දීල... අන්න එහෙමයි පැරණි වමේ ප්‍රතිරූප මිනිස්සු...

දැන් පේන් නැද්ද ඇන් ඇම් පෙරේරාගේ දේපල. ඒ ඔක්කොම අද මහජන දේපළ...

"වනස්පති" බවට පත්වෙච්ච අරටුව ඇති හඳුන් ගස් හිඟයි......

ඔය අතරේ හාමුදුරුවන්ට යම් අදහස් දැක්වීමක් කරන්නත් කියලා මාධ්‍යවලින් ආරාධනා. ඒකට වෙනම පෝඩියම් එකකුත් හදලා... උන්වහන්සේ ඔතෙන්ට ගිහිල්ලා හොඳ කතාවක් කිව්වේ මෙන්න මෙහෙම...

"අපේ වනාන්තරවල ලක්ෂ කෝටි ගානක් මහ ගස් තියෙනවා තමයි. හැබැයි "වනස්පති" බවට පත්වෙච්ච අරටුව ඇති හඳුන් ගස් හිඟයි. ඒ මහ වනාන්තරවල දස දහස් ගණනක් අලි ඇතුන් ඉන්නවා තමයි. හැබැයි ගජ මුතු ඇති සද්දන්ත ඇතුන් හොයා ගැනීම දුර්ලභයි. මහා විල් පොකුණු වල දාස් ගානක් සුදු හංසයෝ පීනනවා තමයි. ඒත් රණ හන්සයෙක් හමුවන්නේ කලාතුරකින්... ඔන්න ඔය වගේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු අතර සුවිශේෂී උතුම් විනයෙක් තමයි තිස්සස විතරණ. ඒ වගේ උදාර ගති ඇති සත්පුරුෂයින් ලෝකෙ පහළ වෙන්නේ කළ අතුරකින්...."

ඔන්න ඔහොම කතාවක් කියලා හැමෝමත් එක්ක සුහදව කතාබහ කරලා උන්වහන්සේ යන්න ගියා...

අභයාරාම පාර්ශවය ගැන පැහැදීමක් නැති පාටයි....

ඉන් පස්සේ උන්වහන්සේ ගැන එතන වෙනම කතාවක්...

"ඇල්ලේ ස්වාමීන් වහන්සේ විසිවෙනිදා පැවැත්වෙන සඟ සමුළුව ගැන කතාවක් නෑ..."

"උන්වහන්සේ එතනට යන්නේ නෑ... ඒ ගැන පැහැදීමක් නැති පාටයි.."

අනුර ඊයේ පෙරේදා ඇවිල්ල හමුවෙලා ගියා කියලත් කියනවා. ඇවිල්ලා ඒකට යන්න එපා කියලා ගියාද දන්නෑ...

ඒවා කට කතා. හැබැයි උන්වහන්සේ අභයාරාම පාර්ශවය එක්ක එදා ඉදලම ගනුදෙනු තිබ්බේ නෑ. ඒකනේ ඇත්ත...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...