The Leader News
BREAKING
Top Ad
Gossip

මාලිමා ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි?

T

The Leader Desk

April 2, 2026 • 5:31 AM

මාලිමා ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි?  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2015 සිට 2020 දක්වා පැවති යහපාලන ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදව් නොකළා සේ ම වර්තමාන ආණ්ඩුවට ද රාජ්‍ය සේවකයින් උදවු නොකරන බව දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක කියනවා.
  • ඒ අනුව, 2013 දෙසැම්බර් 23 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ "A" උපලේඛනය බලශූන්‍ය (Nullity) බවට අධිකරණය ප්‍රකාශයට පත් කරලා.
  • ඔවුන්ගේ ප්‍රධාන විවේචනය වූයේ අතිරේක ලේකම්, කොමසාරිස් ජනරාල් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි "කීර්තිමත්" තනතුරු රාශියක් පරිපාලන සේවයට (SLAS) පමණක් වෙන් කිරීම හරහා අනෙකුත් වෘත්තීය සේවාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.
  • ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ලංකා සේවා 11ම එකම ගණයට (Class) අයත් වන බවත්, පරිපාලන සේවය අනෙක් සේවාවන්ට වඩා උසස් හෝ විශේෂ සේවාවක් ලෙස සැලකීමට සාක්ෂි නොමැති බවත් අධිකරණය පෙන්වා දී තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


විපුල එහෙව් කතාවක් කියල තිබුනේ  ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකදී ..



“පුටුවලට වෙලා වාඩිවෙලා ඉන්න එපා තනතුරු අරන් හරියට වැඩ කරපල්ලා” - වනවාසී රාහුල හාමුදුරුවො සැරටම දෙසනවා.

උන්වහන්සේ එහෙව් කතාවක් කිව්වේ, ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරිම සැමරීම නිමිත්තෙන් ජනාධිපති අනුර ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 26 වෙනිදා  ජනාධිපති කාර්යාලයේ තිබුන උත්සවයේදී.  



ඒ කතා කොහොම වුනත්, මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුවක් , දෙකක් නිසා ආණ්ඩුව ලොකු අමාරුවක වැටිලා කියලයි ආරංචි.

මොකක්ද දන්නවද ඒ තීන්දුව ?

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි පරිදි රජයේ සහ පළාත් සභාවල උසස් තනතුරු 381කට අධික ප්‍රමාණයක් වෙන් කරමින් නිකුත් කර තිබූ සේවා ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානත්වයේ අයිතිය උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා.

ඒ අනුව, 2013 දෙසැම්බර් 23 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ "A" උපලේඛනය බලශූන්‍ය (Nullity) බවට අධිකරණය ප්‍රකාශයට පත් කරලා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය යන සමස්ත ලංකා සේවාවන් නියෝජනය කරන නිලධාරීන් සහ සංගම් විසිනි.

ඔවුන්ගේ ප්‍රධාන විවේචනය වූයේ අතිරේක ලේකම්, කොමසාරිස් ජනරාල් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි "කීර්තිමත්" තනතුරු රාශියක් පරිපාලන සේවයට (SLAS) පමණක් වෙන් කිරීම හරහා අනෙකුත් වෘත්තීය සේවාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.

විනිසුරු යසන්ත කෝදාගොඩ ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් මෙම තීන්දුවේ වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කර තිබුනා.

සේවාවන් අතර උස් පහත් භේදයක් නොමැත. ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ලංකා සේවා 11ම එකම ගණයට (Class) අයත් වන බවත්, පරිපාලන සේවය අනෙක් සේවාවන්ට වඩා උසස් හෝ විශේෂ සේවාවක් ලෙස සැලකීමට සාක්ෂි නොමැති බවත් අධිකරණය පෙන්වා දී තිබුනා.

මෙම තනතුරු වෙන් කිරීමේදී කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ විෂය මූලික නිර්ණායකයක් (Objective Criteria) භාවිත කර නොමැති බවත්, එය අත්තනෝමතික ලෙස සිදු කර ඇති බවත් අධිකරණය නිගමනය කරලා.

 රජයේ තනතුරුවලට පත් කිරීමේදී පුද්ගලික හෝ සේවා මනාපයන් මත නොව, එම තනතුරට අවශ්‍ය නිපුණතාව (Competency) සහ දක්ෂතාව (Merit) මත පදනම් විය යුතු බව අධිකරණය අවධාරණය කරලා. .

මෙම තීන්දුවත් සමඟ 2026 පෙබරවාරි 26 වෙනිදා සිට පරිපාලන සේවයට පමණක් වෙන් කර තිබූ තනතුරු ලේඛනය අවලංගු වෙනවා.  කෙසේ වෙතත්, දැනට පත් කර ඇති නිලධාරීන්ගේ නීත්‍යානුකූලභාවයට මෙයින් හානියක් සිදු නොවන බව අධිකරණය පැහැදිලි කර තිබුනා. .

නඩු තීන්දුව මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පහත නියෝග නිකුත් කර තිබුනා. .

එක...,  තීන්දුව ලබා දී වසර දෙකක් ඇතුළත, අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර නව තනතුරු ලේඛනයක් (Appendix A) සකස් කළ යුතුය.

දෙක....  එම ලේඛනය සකස් කිරීමේදී, එක් එක් තනතුරට අවශ්‍ය නිපුණතාවන් හඳුනාගත යුතු අතර, ඒ සඳහා සුදුසු ඕනෑම සමස්ත ලංකා සේවා නිලධාරියෙකුට ඉල්ලුම් කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

මෙම ඓතිහාසික තීන්දුව මගින් මෙතෙක් කල් රාජ්‍ය සේවයේ පැවති එක් සේවාවක ඒකාධිකාරය බිඳ දමමින්, සියලුම වෘත්තීය නිලධාරීන්ට තම දක්ෂතාව මත ඉහළ තනතුරුවලට පිවිසීමට තිබූ බාධාව ඉවත් කර තියනවා.

ඔන්න ඒ අස්සේ දීපු තවත් අධිකරණ තීන්දුවකින් රාජ්‍ය නිලධාරීන් තිගැස්සිලා.

ඒ අර මේ ළඟකදී කෙහෙළියගේ අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් දීපු තීන්දුව

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ 2022 වසරේදී ලියාපංචි නොකළ සමාගමක් මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඖෂධ ලබා ගැනීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75 ක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවන ලෙස හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට පහුදිය 27 වෙනිදා නියෝග කෙරුවා.

ඒ විතරක් නෙමෙයි, රුපියල් මිලියන 50 බැගින් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසද එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජනක චන්ද්‍රගුප්ත ට ,   ඖෂධ නියාමක අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය එස් ඩි ජයරත්න ට, ඖෂධ නියාමන අධිකාරියේ අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ට, වෛද්‍ය සැපයුම් අංශයේ සහ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය අරඹේ ගෙදර සුජිත් සුදර්ශන ට ත්  වෙන් වෙන්ව නියම කෙරිණ.

දැන් ඔය තින්දුවටත් සමහර රජයේ නිලධාරීන් හොඳටම බයවෙලා.

කොහොම හරි ඔය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් එක්ක ඉහලම රාජ්‍ය නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට ලොකු බරබරයක් ලු. සමහර නිලධාරීන් දැනටම ගේමට බැහැලා. ආණ්ඩුවේ වැඩ පැරලයිස් වෙලා.

ඔන්න දැන් ප්‍රශ්න සමතකකට පත්කරගන්න නීතිපති එක්ක ලොකු සාකච්ජාවකට යන්න ලු හදන්නේ..

එක අතකට බලනකොට , මේ මොන මරාලයක් දා ගත්ත කියල අනුරටත් දැන් හිතෙනවා ඇති.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමා ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි? | The Leader