The Leader News
BREAKING
Top Ad
Gossip

වැලිකඩ දී කිරිබත්

T

The Leader Desk

April 8, 2026 • 10:33 AM

වැලිකඩ දී කිරිබත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් උන්නැහේගේ ආණ්ඩුව කාලෙ පරිපාලනයෙ හිටපු අමර සිංහයෙක් වගේ එක්තරා ලොක්කෙකුට බූරුවන්ට ප්‍රසිද්ධ දිසාවේ මහදිසාපතිකම ඕන වුණා.
  • එයා මෙයා ගැන කරන ලද සොයා බැලීම අනුව එයා ඒ තනතුරට ගැලපෙන්නෙ නැති බව තේරුණාම අනේ සොරි ඒක නම් කරන්න බෑ කියලා ඒ කාලේ හිටපු මහලේකම්තුමා මෙයාට කිව්වා.
  • කොච්චර සන්තෝස වුනාද කියනවනම් තමුන්ගේ ඔෆිස් එකේ ලොකු ලොකුත් එක්ක කිව්වේ.
  • ඊට පස්සේ වැලිකඩදී අර ලොක්කත් හම්බවුනාලු.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට පස්සේ ආණ්ඩුවේ මහකන්තෝරුවෙ ලොකුම ලේකම්තුමා හම්බවෙලා මේ ඉල්ලීම ඉදිරිපත් කෙරුවා.

එයා මෙයා ගැන කරන ලද සොයා බැලීම අනුව එයා ඒ තනතුරට ගැලපෙන්නෙ නැති බව තේරුණාම අනේ සොරි ඒක නම් කරන්න බෑ කියලා ඒ කාලේ හිටපු මහලේකම්තුමා මෙයාට කිව්වා.

ඊට පස්සේ එයා මහලේකම් තැන එක්ක තනතුර නොදීම සම්බන්ධව වෛර බැඳ ගත්තලු. ඔහොම කාලයක් ගියාම ආණ්ඩුව වෙනස් වුණා.

මහ ලේකම් තැන ගෙදර ගියා. අර සිංහ මහත්තයා ප්‍රවාහනයට සම්බන්ධ තැනක ලොක්ක හැටියට පත්වුණා.

ඔහොම ටික කලක් යනකොට හිටපු මහ ලේකම්තැනට නඩුවක් වැටිලා වැලිකඩ පැත්තට යන්න සිද්ධ වුණා.

එදා ඒ ගමන ගැන වැඩියෙන්ම සන්තෝස වුණේ මේ සිංහ මහත්තයාලු.

කොච්චර සන්තෝස වුනාද කියනවනම් තමුන්ගේ ඔෆිස් එකේ ලොකු ලොකුත් එක්ක කිව්වේ. “අරූ හිරේ ගියා. ඒකට මට කිරිබත් කන්න හිතෙනවා” කියලයි.

නමුත් දෙන්නගේම වැඩ ගැන දන්න අය සද්ද නැතුව හිටිය.

ඊට සුමාන දෙක තුනකට පස්සේ තමන්ගේ කන්තෝරුවේ මේ සිංහයා කරපු ජරමරයක් මාට්ටුවෙලා එයාවත් වැලිකඩ කූඩුකළා.

ඊට පස්සේ වැලිකඩදී අර ලොක්කත් හම්බවුනාලු.

ඒ වෙලාවේ එයා ඇහුවලු ඔයාආස ඇතිනේ කිරිබත් කන්න දැන් අපි කිරිබත් කමුද කියලා.

ඊට පස්සේ මේ සිංහයා නොකර සද්ද යන්න ගියා කියලයි ආරංචි.

| lankalokaya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැලිකඩ දී කිරිබත් | The Leader