ඔය කතාව ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදීත් ඇදුනා.
''ලාල්කාන්ත ගේ හැදුවේ ගමේ ඉඩකඩම් විකුණලා…'' කියල ඇමති විජිත හේරත් සද්දයක් දැම්මා.
ඒ මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට ..
ලාල්කාන්ත ඔය නිවස ඉදිකළේ වර්තමාන ආණ්ඩුව පත්වීමට පෙර කියලයි විජිත කිව්වේ..
ඒ සඳහා මුදල් සොයා ගත්තේ ලාල්ගේ අනුරාධපුර දේපොළ සහ බිරිඳගේ නුවර දේපොළ විකුණා ලු.
තම පක්ෂයේ වත්කම් ඇති දේශපාලකයන් සිටින බවත් ඔවුන් කිසිම අවස්ථාවක ජනතා මුදල් සොරා නොකන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් විජිත අවධාරණය කෙරුවා.
ඔන්න දැන් සමහරුන්ට ලාල්ගේ ගෙදරට වඩා වැදගත් මාතෘකාව වෙලා තියන්නේ , ඔය සීන් එක ඇදුනට පස්සේ , පැලවත්තෙන් ලැබුන ඕඩර් එකකට අනුව ලාල් කරපු ''යු ටියුබ්'' සංවාදයේදී කියපු ''සමාජ ප්‍රාග්ධනය ගැන '' කතාව.
ඒ කියන්නේ Social Capital ගැන
ඔය ගැන දැන් සමහරු දේශපාලන වාද වල පැටලිලා.
සමාජ ප්‍රාග්ධනය යනු කුමක් ද? කියල සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අජිත් පැරකුම් ජයසිංහ ''ප්‍රජා '' වෙබ් එකේ ලොකු කතාවක් ලියල.
ඒ සටහනේ මෙහෙම තියනවා.
''මෑතකදී ජාතික ජන බලවේගයේ නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා ජනතාවගෙන් මුදල් සම්මාදම් කිරීම හා සමාජ ප්‍රාග්ධනය පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළේය. දේශපාලන ව්‍යාපාරයකට හෝ නායකයකුට ජනතාව විශ්වාසයෙන් යුතුව මුදල් පරිත්‍යාග කරන්නේ නම් එය හුදෙක් ආර්ථික ගනුදෙනුවක් නොවේ. එය එම දේශපාලන ව්‍යාපාරය ජනතාව සමග ගොඩනගාගෙන ඇති විශ්වාසය, ජාලකරණය සහ අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයකි.
ප්‍රංශ සමාජ විද්‍යාඥ පියරේ බෝඩියෝ (Pierre Bourdieu) පෙන්වා දුන් පරිදි සමාජ ප්‍රාග්ධනය ආර්ථික ප්‍රාග්ධනය බවට පරිවර්තනය කළ හැකිය. එම නිසා ලාල් කාන්ත මහතා පෙන්වා දුන් පරිදි ජනතාවගෙන් මුදල් සම්මාදම් කිරීමට හැකි වීම සමාජ ප්‍රාග්ධනය ආර්ථික වටිනාකමක් බවට පරිවර්තනය වීමේ එක් ප්‍රායෝගික ප්‍රකාශනයකි.
සැබැවින්ම සමාජ ප්‍රාග්ධනය (Social capital) යනු සමාජයක ජීවත් වන පුද්ගලයන් සතු සබඳතා ජාලයයි. මෙම ජාලය මගින් එම සමාජයට ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ සලසයි. එය ප්‍රධාන කුළුණු තුනක් මත පදනම් වේ. ඒ ජාල (Networks), විශ්වාසය (Trust) සහ අන්‍යෝන්‍ය සහයෝගය (Reciprocity) යන්නයි. මුදල් හෝ භෞතික සම්පත් මෙන් නොව මෙය මිනිස් සබඳතා මත පදනම් වූ අස්පෘශ්‍ය වත්කමකි.
මෙම සංකල්පය 20 වන සියවසේ මුල් භාගයේදී එල්.ජේ. හැනිෆන් (L.J. Hanifan) වැනි අය විසින් ප්‍රජා සහභාගීත්වයේ වැදගත්කම විස්තර කිරීමට භාවිතා කරන ලදි. පසුව එය න්‍යායික රාමුවක් ලෙස විකාශය විය. පියරේ බෝඩියෝ මෙය බලය සහ අසමානතාව යන කෝණයෙන් විශ්ලේෂණය කළේය. ඇමරිකානු සමාජ විද්‍යාඥ ජේම්ස් කෝල්මන් (James Coleman) මෙහි ක්‍රියාකාරී ප්‍රවේශය ගැන අවධානය යොමු කළේය. රොබට් පට්නම් (Robert Putnam) නමැති දේශපාලන විද්‍යාඥයා 1990 දශකයේදී මෙය වඩාත් ජනප්‍රිය කළේය. සිවිල් මැදිහත්වීම සහ ප්‍රජා සංවිධානවල වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මෙය තේරුම් ගැනීමට සරල උදාහරණ දෙකක් සලකා බලමු. පළමුවැන්න නම් ඔබේ අසල්වැසියා දුර ගමනක් යන විට ඔබ ඔහුගේ නිවස බලාගැනීමට ඔබ භාර ගනියි. ඔබට ද ඒ අසල්වැසියා එවැනි උපකාර කරනු ඇතැයි යන අන්‍යෝන්‍ය විශ්වාසය එහි පවතී. රැකියාවක් සොයන විට ඔබේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඔබට සම්මුඛ පරීක්ෂණයක් ලබා ගැනීමට හැකි වේ. මෙම අවස්ථා දෙකෙහිදීම ක්‍රියාත්මක වන්නේ ඔබේ සමාජ ප්‍රාග්ධනයයි.
ඔය විදියට අජිත් පැරකුම් ජාතික හා ජාත්‍යන්තර උදාහරණ ගෙනහැර දක්වමින් 'සමාජ ප්‍රාග්ධනය ගැන '' - Social Capital ගැන ලොකු කතාවක් කියනවා. මේ ගැන වැඩිදුර හැදෑරීමක් කරනවා නම් ''ප්‍රජා '' වෙබ් එකට ගිහින් බලාගන්නත් පුළුවන්.
ඒ කොහොමින් කොහොම හරි 'සමාජ ප්‍රාග්ධනය ගැන කතාවෙන් හොඳටම රිදිලා තියන්නේ දිලිත් ජයවීරට.
'' මම රට ගොඩදාන්න , ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගැන කතාකරද්දී , ලාලයා 'සමාජ ප්‍රාග්ධනය ' හරහා රට ගොඩදාන කතා කියනවා.. හැබැයි ඔය සමාජ ප්‍රාග්ධනය හරහා ගොඩ යන්න පුළුවන් ලොකු ලොක්කන්ට විතරයි,, ඒ කතාව අපි සමාජගත කරන්න ඕන''
දිලිත් එහෙම කියල තියන්නේ සර්ව ජන බලවේගය පක්ෂ කාර්යාලේ හිටපු ශෝෂල් මිඩියා කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකට..
දිලිත් මේ දවස්වල ගහන්නේ චෙස් ගේම් එකක් කියලා බොරැල්ලේ ඔෆිස් එක පැත්තෙන් ආරංචි.
ඔය ලාල්ගේ සමාජ ප්‍රාග්ධන කතාව, දූෂිත ජවිපයේ දිගුවක් කියලා, දිලිත් කට්ටිය දැන්මම කැම්පේන් එකක් පටන් අරගෙන. දිලිත් මීඩියා ටීම් එක ශක්තිමත් වෙලා කියලා, කට්ටිය කතාවෙනවා.
දිලිත්ගේ සමාජ මාධ්‍ය නඩේ ඉන්න තරුණ හාදයෙක් කියන විදියට සභ්‍යත්වය, ව්‍යසායකත්වය, ජාතික සංස්කෘතිය කියන ප්‍රධාන කුලූනු තුනම, සර්වජන බලය අල්ලලා . "දිලිත්ට හදිස්සියක් නැහැ. ආණ්ඩුවට අප්‍රේල් අග වෙනකොට ඉතා ගැඹුරු ප්‍රශ්නාවලියකට මූහුන දෙන්න වෙනවා. විදුලි කැපීම අනිවාර්යයෙන් වෙනවා. සර්වජන බලය මේ දවස්වල ලෑස්ති වෙන්නේ, රට මේ අර්බුදයට මුහුණ දෙන්න ශක්තිය හදන්න. ඔන්න ඔහොම තමයි දිලිත්ගේ සමාජ මාධ්‍ය කට්ටිය පොර ටෝක් දෙන්නේ.




