The Leader News
BREAKING
Top Ad
Gossip

පොහොට්ටුව 'චැනල් 4' නාළිකාවෙන් වන්දියක් ඉල්ලන්න යයි

T

The Leader Desk

September 29, 2023 • 11:26 PM

පොහොට්ටුව 'චැනල් 4' නාළිකාවෙන් වන්දියක් ඉල්ලන්න යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ 'චැනල් 4' නාළිකාව විසින් පසුගියදා ප්‍රචාරය කළ පාස්කු ඉරුදින ප්‍රහාරය
  • මැතිවරණ සමයක් ළඟ එන මොහොතක මෙවැනි ක්‍රියා සිදු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවන බව ද එම නිසා මේ පිළිබඳ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඉක්මනින් තීන්දුවකට ආ යුතු බවත් මෙම මන්ත්‍රීවරුන් පිරිස යෝජනා කර තිබේ.
  • ඒ අනුව මේ පිළිබඳ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කර පියවරක් ගත යුතු බව මෙහිදී පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳ වීඩියෝ පටයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කීර්ති නාමයට හානි වී ඇති නිසා, එම නාළිකාවෙන් වන්දි අය කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වන බව වාර්තා වේ.

මෙම වීඩියෝ පටය ව්‍යාජ බවට 'චැනල් 4' නාළිකාවේ අධ්‍යක්ෂ හා විධායක නිෂ්පාදක පසුගිය දා පිළිගෙන ඇති බව ද එම නිසා තම පක්ෂ නායකත්වයට ඉන් සිදු වූ අපකීර්තිය සම්බන්ධයෙන් වන්දි ඉල්ලිය යුතු බව ද පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි, මේජර් ජනරාල් සුරේෂ් සලෙයි සහ මෙම චිත්‍රපටයේ කතානායකයා අතර සම්බන්ධයක් නොතිබුණු බවට චැනල් 4 නාළිකාවේ ප්‍රධානීන් පිළිගෙන ඇති නිසා මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවට ඔප්පු වන බව ද එම නිසා මේ පිළිබඳ වහා ම පක්ෂය ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ද මෙම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇත.

මැතිවරණ සමයක් ළඟ එන මොහොතක මෙවැනි ක්‍රියා සිදු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවන බව ද එම නිසා මේ පිළිබඳ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඉක්මනින් තීන්දුවකට ආ යුතු බවත් මෙම මන්ත්‍රීවරුන් පිරිස යෝජනා කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කර පියවරක් ගත යුතු බව මෙහිදී පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පවසා ඇත.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොහොට්ටුව 'චැනල් 4' නාළිකාවෙන් වන්දියක් ඉල්ලන්න යයි | The Leader