The Leader News
BREAKING
Top Ad
Gossip

''විමල්ගේ 'ජාතික සංවිධාන ලොක්කා' විදේශ ඔත්තුකරුවෙක්'' - බැසිල්ගේ ගෝලයා ගෙන් චෝදනා වැලක්

T

The Leader Desk

October 4, 2020 • 12:57 PM

''විමල්ගේ 'ජාතික සංවිධාන ලොක්කා' විදේශ ඔත්තුකරුවෙක්'' - බැසිල්ගේ ගෝලයා ගෙන් චෝදනා වැලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයකු ලෙස සැලකෙන, ශ්‍රී ලංකා පුවත්පත් මණඩලයේ වත්මන් සභාපති මහින්ද පතිරණ අද දින(4) තම FB පිටුවෙහි විවිධ සටහන් තබමින් ඇමති විමල් වීරවංශ
  • ඔහුගේ තවත් FB සටහනක මෙසේ සඳහන් වේ.
  • පුවත්පත් මණ්ඩලේ සභාපති ගේ FB සටහන් සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
  • මේ රංගනය බලන එකත් ආතල්'' බැසිල් - විමල් 'සිතල ගැටුම'  බැසිල් රාජපක්ෂ හා විමල් විරවංශ අතර කලක පටන් පවතින 'සිතල ගැටුම' විසිවන සංශෝධන යෝජනාවලිත් සමග ප්‍රසිද්ධ තලට පැමිණ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

හට විවිධාකාරයේ චෝදනා එල්ලකර තිබේ.

විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත අද දිනයේ ලිපියක් යවමින් විසිවන සංශෝධනයේ අඩංගු කාරණා තුනක් සම්බන්ධයෙන් බරපතල විවේචනයක් ඉදිරිපත් කිරීමත්, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හෝ ඔහුගේ ගෝලයින් ආණ්ඩුව ඇතුළට ගත්තොත් ආණ්ඩුවේ ජනවරම අහෝසි වෙනවා පමණක් නොව, ආණ්ඩුවේ අවසානය ද ආරම්භ වන බවට 'ජාතික සංවිධාන' ජාලයේ ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර අද දින ප්‍රකාශ කර තිබීමත් මහින්ද පතිරණ ගේ කෝපයට හේතුවී ඇති බව පෙනේ.

මහින්ද පතිරණ දැඩි ආවේගයෙන් යුතුව පළකර ඇති එක් FB සටහනක දැක්වෙන්නේ, 'විමල් වීරවංශට අද වුනත් ආණ්ඩුව හොද නැත්නම් එළියට යන්න පුලුවන්' කියාය. 

මහින්ද පතිරණගේ තවත් සටහනක දැක්වෙන්නේ ''විමල් තම දේශපාලනය විනාශ කර ගන්නේ විදේශ ඔත්තු සේවයක කුලීකරුවෙකු වන වසන්ත බණ්ඩාර නිසා'' බවය.

Screen Shot 2020 10 04 at 5.58.04 PM

Screen Shot 2020 10 04 at 5.58.39 PM
ඔහුගේ තවත් FB සටහනක මෙසේ සඳහන් වේ.

Screen Shot 2020 10 04 at 5.58.00 PM

Screen Shot 2020 10 04 at 6.24.29 PM

පුවත්පත් මණ්ඩලේ සභාපති ගේ FB සටහන් සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 

'' විමල් බ්‍රෝට නියෝගයක් ! - බලතල කොහෙන් ආවද දන්නෙ නැහැ.''


Uvindu Kurukulasuriya

''උදේ නැගිටල බලනකොට පුවත්පත් මණ්ඩලේ සභාපති තුමා විමල් බ්‍රෝට නියෝගයක් දීල. බලතල කොහෙන් ආවද දන්නෙ නැහැ. 

ඒ වගේම ගිය සතියෙ ජනාධිපතිත් එක්ක මීටිමක් තියල පුවත්පත් මණ්ඩලයටම සමාජ මාධ්‍ය ගැන බලතල දෙන්න කතාවක් ගියා. සමාජ මාධ්‍යවලින් පදනමක් නැති චරිත ඝාතන කරනව කියල. 

දෙවන පෝස්ට් එකේ වසන්ත බණ්ඩාර විදේශ රටක ඔත්තු සේවයක කුලීකරයෙක් කියල පතිරණ කියන්නෙ සාක්කි එක්කද? නැත්තං වසන්තට තියෙන්නෙ මෙයාට නඩු දාන්න. 

මේ ඔක්කොම කතා විමල් ද්විත්ව පුරවැසි කේස් එක අයින් කරනවට විරුද්ධ නිසා. මේ රංගනය බලන එකත් ආතල්''

බැසිල් - විමල් 'සිතල ගැටුම' 


බැසිල් රාජපක්ෂ හා විමල් විරවංශ අතර කලක පටන් පවතින 'සිතල ගැටුම' විසිවන සංශෝධන යෝජනාවලිත් සමග ප්‍රසිද්ධ තලට පැමිණ ඇත.

 විසිවන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට හා මහ මැතිවරණය ඉදිරිපත්වීමට ඉඩ සලසා තිබීම විමල් විරවංශ ඇතුළු 'ජාතික සංවිධාන' වල බරපතල විවේචනයට ලක්වෙමින් තිබේ.

එසේම, විස්සට තුනෙන් දෙක ලබාගැනීම සඳහා සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හෝ ඔහුගේ ගෝලයින්ගේ සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින්නේ බැසිල් රාජපක්ෂ බවට එම ජාතික සංවිධාන චෝදනා කරති.

''වෙන්ඩ ජනාධිපතිගේ අභිප්‍රාය පරාද කරන්න ඕනෙ. ද්විත්ව රටවැසි කතාවෙ තියෙන භයානකකම අධිකරණයෙ දි හෙළිදරවු වුණා. '' යයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහචාර්ය නලින් ද සිල්වා සිය FB පිටුවේ සටහනක් තබමින් අවධාරණය කර ඇත. 

සබැඳි පුවත් :


වෙන්ඩ ජනාධිපතිගේ 'ඩීල්' දේශපාලනය කරළියට ඇවිත් - මහාචාර්ය නලින් ද සිල්වා 

ඇත්තටම රට මෙහෙයවන්නේ ගෝඨාභය ද ? බැසිල් ද ?

බැසිල්ට එරෙහි විමල්ගේ 'ගේම' ප්‍රසිද්ධියේ කරලියට : තීරණාත්මක ලිපියක් !- අගමැති විස්ස හකුලා ගැනීමේ සුදානමක !!

රිෂාඩ් ආණ්ඩුවට ගත්තොත් අත්වන ඉරණම ජාතික සංවිධාන පෙන්වාදෙයි

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...