The Leader News
BREAKING
Top Ad
Gossip

'උප ජනාධිපති' බැසිල් පාර්ලිමේන්තු එන දිනය මෙන්න!

T

The Leader Desk

August 29, 2020 • 8:48 AM

'උප ජනාධිපති' බැසිල් පාර්ලිමේන්තු එන දිනය මෙන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට නොනිල 'උප ජනාධිපති' ලෙස සැලකෙන 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මීළඟ දේශපාලන අඩව්ව කුමක්දැයි
  • ආණ්ඩුව කඩිනම් ව්‍යවස්ථා සංශෝධයක් ගෙන ඒමට කටයුතු කරන්නේ, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඒමට තිබෙන බාධාව ඉවත් කිරීම සඳහා බවට විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරති.
  • මීට ඉහතදී 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුනේ, තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බවයි.
  •  ආණ්ඩුවේ ඇතැම් දේශපාලන පක්ෂ විසින් නඩත්තු කරන සමාජ මාධ්‍ය විමර්ශනය කිරීමේ දී එබව පැහැදිලිව ප්‍රදර්ශය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේම පාහේ අවධානය යොමුව තිබේ.

ආණ්ඩුව කඩිනම් ව්‍යවස්ථා සංශෝධයක් ගෙන ඒමට කටයුතු කරන්නේ, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඒමට තිබෙන බාධාව ඉවත් කිරීම සඳහා බවට විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරති.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි අතර ඒ අනුව, ශ්‍රී ලංකා- ඇමරිකා ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීමට එම කොන්දේසිය බාධාවක් වී ඇත.

මීට ඉහතදී 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුනේ, තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බවයි.

''මීට ඉහතදී 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුනේ, තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බවයි.''

කෙසේවුවද, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුව තුල සිටින ඇතැමුන් ද තරමක තැතිගැන්මකින් සිටින බව පෙනේ.  ආණ්ඩුවේ ඇතැම් දේශපාලන පක්ෂ විසින් නඩත්තු කරන සමාජ මාධ්‍ය විමර්ශනය කිරීමේ දී එබව පැහැදිලිව ප්‍රදර්ශය වේ.

 

පොහොට්ටු මන්ත්‍රීලාගෙන් ආරාධනා !

මේ අතර ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සි නිව්ස්' වාර්තා කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස එම පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් ආරාධනා කර ඇති බවයි.

එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙම ආරාධනය කර ඇත.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මෙම ඉල්ලීම කර තිබේ.

 

තුන්වන කෙරුමා !!

බැසිල් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට විපක්ෂය විසින් නගන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදී ටිරන් කුමාර බංගගමආරච්චි පසුගිය සති අන්තයේ 'රාවය' පුවත්පතේ හි පළකර ඇති දේශපාලන විශේෂාංගයේ 'බැසිල් ඒම' යන උපශීර්ෂය යටතේ මෙසේ සටහන් කර තිබේ.

''දහනවය ඉවත් කොට බැසිල් ගෙන ඒම අරමුණ බව අද විපක්ෂය කියන හරුපය වේ. වෙනත් රටක පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමේ මග ඇහුරූ දහනවය විස්ස හරහා සංශෝධනය වනු ඇතැයි විපක්ෂයේ මතයය. ඉන්පසු ජයන්ත කැටගොඩ ඉවත් වී බැසිල් පාර්ලිමේන්තු එනු ඇත.

බැසිල් පාර්ලිමේන්තු ආවද නාවද ඔහු ගෝඨා මහින්ද ඇරුණු කොට තුන්වන කෙරුමාය. ඔහුට බලය ගන්නට පාර්ලිමේන්තු ඒමටම වුවමනා නැත.

''බැසිල් පාර්ලිමේන්තු ආවද නාවද ඔහු ගෝඨා මහින්ද ඇරුණු කොට තුන්වන කෙරුමාය. ඔහුට බලය ගන්නට පාර්ලිමේන්තු ඒමටම වුවමනා නැත.''

 

අගමැති ධුරයේ පුරප්පාඩුවක් ඇති වුනොත් !

20 සංශෝධනය ගෙන එන්නේ බැසිල්ට පාර්ලිමේන්තුවට යාමට ද ? යන කාරණය සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමක දී රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් අනාවරණය වුයේ, 20 වන සංශෝධනයෙන් 'ද්විත්ව පුරවැසිභාවය' ඉවත්කලද ඇමති ධුරයක් ලබාගෙන බැසිල් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට නොඑන බවයි.

එහෙත් කිසියම් අවස්ථාවක අගමැති ධුරයේ පුරප්පාඩුවක් ඇතිවුව හොත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු යවා අගමැති කරවීමට රාජපක්ෂ පවුල ඒකමතිකව තීන්දුවකට එළඹ තිබේ.

රාජපක්ෂ පවුල විසින් ගනු ලැබූ එම තීන්දුවක් මත නාමල් රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ හා නවක මන්ත්‍රී නිපුන රණවක යන අයගේ දේශපාලන අනාගතය තහවුරු කිරීම මේවනවිට පවරා ඇත්තේ බැසිල් රාජපක්ෂ වෙතයි.

මේ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ ඥාතියකු සමග පැවති සුහඳ කතාබහක දී බැසිල්ගේ අනාගත සැලැස්ම විග්‍රහ කළේ මෙසේය.  

'' බැසිල් ඇමතිකම් ගන්න පාර්ලිමේන්තු යන්නේ නැ .. ඒවා බොරු කතා. එයා අයෙත් පාර්ලිමේන්තු යනවා නම් යන්නේ අගමැතිකම බාරගන්න. එයා මොකටද ඇමති කෙනෙක් වෙන්නේ .. දැනටමත් ඇමතිවරු ඉන්නේ එයා යටතේ නේ.. විපක්ෂයේ ලොක්කොත් කොන්ට්‍රෝල් කරන්නේ එයා. බැසිල් කැමති එළියේ ඉඳන් පක්ෂය තව තවත් ශක්තිමත් කරන්න. අපේ හයිය තියන්නේ එතන. බැසිල්ගේ ටීම් එක ඉන්නෙත් එළියේ. පළාත් සභා තිව්වම අනෙක් පක්ෂ හේදිලාම යනවා.  ලියලා තියා ගන්න මීළඟ ජනාධිපති බැසිල්. '

 

කියවන්න :

බැසිල් - THE MAN - ඇටමැස්සා 

ව්‍යවස්ථා සංශෝධනය බැසිල්ට ඒමට ද? -විපක්ෂය කියන හරුපය!  

බැසිල්ගේ ව්‍යවස්ථා යෝජනා ගැන විමල්ගේ 'ජාතික සංවිධානය' කියන කතා !  

සියලු සංවර්ධන කටයුතු බැසිල් යටතට : අරලියගහ මැදුරෙන් මුදල් අමාත්‍යංශයට යයි 

බැසිල්ට හා කමල්ට යටත්කළ අලුත් ඇමති මණ්ඩලය 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...